විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ ඉදිරි දින කිහිපය සඳහා ඉන්ධන සපයාගැනීම වෙනුවෙන් ලංකා IOC සමාගම සමග සාකච්ඡා කරන බවයි.
“විවිධ විකල්ප මාර්ග ගැන කල්පනා කරමින් ඉන්නේ. අපි බලනවා IOC සමාගමෙන් හරි ඉදිරි දවස් කිහිපයට තෙල් ටිකක් ගන්න පුළුවන්ද කියලා. විදුලබල මණ්ඩලයේ සභාපතිතුමාට කියලා තියෙනවා ඒ ගොල්ලෝ සමග සාකච්ඡාවක් පටන්නගන්න කියලා හෙට. මමත් ඕනේ නම් එන්නම් කිව්වා.”
මාධ්‍යවේදියා – “ඒ කියන්නේ දවස් 3ක් සඳහා විදුලි කැපෙන්නේ නැහැ කියලා දැන් සහතික කරන්න පුළුවන්ද ?”
අමාත්‍ය ගාමිණි ලොකුගේ – “22 වෙනතුරු අපි කොහොම හරි තෙල් හොයාගන්න ඕනේ දුවන්න.”
මාධ්‍යවේදියා – “ඛනිජ තෙල් විදුලිබල මණ්ඩලයට ඕන කියලා ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කළාද ?”
අමාත්‍ය ගාමිණි ලොකුගේ – “නැහැ ඉල්ලීමක් කරන්න දෙයක් නැහැ. ඒක වාර්ෂික ඇනවුමක්. ඒ වාර්ෂික ඇනවුමට සපයන්න ඕනේ තෙල් සංස්ථාව විසින්. එහෙම නැතුව දවසින් දවස ඉල්ලන්නේ නැහැ. අවුරුද්ද පැලෑන් කරනකොට ඒ අය පැලෑන්කරන්න ඕනේ තෙල් සංස්ථාවට මෙච්චර ඕනේ කරනවා කියලා. බලාගාරවලට මෙච්චර ඕනේ කරනවා. පුද්ගලික අංශයේ වාහනවලට මෙච්චර ඕනේ කරනවා. ඒ සැලැස්ම අනුව තමයි ගෙන්නන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒක අනුව ගේනවා කියලා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...