දේශීය පුවත්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී පසුගිය 11 වනදා සොයාගැනුණු අත් බෝම්බය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. කඩවත බියන්වල පදිංචි 65 හැවිරිදි අයෙක් වන අදාල සැකකරු මේ වනවිට වරාය පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවද දේවස්ථානය සමඟ දිගු කලක් සබඳතා පැවැත්වූ මරදානේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයකු සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.ඔහු සමඟ තවත් සැකකරුවන් තිදෙනකුද පොලිස් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන දියත් කරනු ලැබීය.

මේ අතර නියම සැකකරුවන් අත්අඩංගුවට නොගෙන සිද්ධිය යටපත් කිරීමට පොලීසිය උත්සාහ ගන්නා බවට කාදිනල් හිමියන් විසින් ඊට පසුදිනම මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කරනු ලැබීය.

කාදිනල් හිමියන්ගේ චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැක්වු ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ එවැනි සිද්ධයක් සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන්වීමට පෙර විවේචන එල්ල කිරීම සාධාරණ නොවන බවයි.

ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක අංශවල අදහස් සම්බන්ධයෙන් පසුගිය 16 වනදා නිවේදනයක් නිකුත් කළ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ මීසම් ධර්මසේවා සභාව කියා සිටියේ හමුවු අත් බෝම්බය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි.

එම නිවේදනය මගින් සී.සී.ටී.වී දර්ශනවලට අනුව සැකකරුවන් හඳුනාගැනීමට පොලීසියට හැකියාව තිබියදීත් එලෙස කටයුතු නොකිරීම ගැටලු සහගත බවට චෝදනා කර තිබේ.

කෙසේ වුවද අදාළ අත් බෝම්බ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි මුද්‍රිත මාධ්‍ය රැසක් ඊයේ (17) වාර්තා කර තිබුණු අතර එම බෝම්බය තැබීම සඳහා ඔහුට වෙනත් පුද්ගලයෙක් රුපියල් පනස් දහසක මුදලක් දී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙන බවද  එම වාර්තා පවසයි.
මේ අතර පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ රැසක් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More