පුරවැසි කොලම

ඉපැරැණි ලෙන් විහාර සංකීර්ණ විශාල ප්‍රමාණයක් චීනයේ තියෙනවා. තුන්-හුවං (敦煌, Dunhuang) ප්‍රදේශයේ තියෙන මෝ-කාඕ ලෙන් (莫高窟, Mogao Caves), තා-ථුං (大同, Datong) ප්‍රදේශයේ තියෙන යුන්-කං ලෙන් (云冈石窟, Yungang Grottoes), ලුඕ-යං (Luoyang) ප්‍රදේශයේ තියෙන ලුං-මන් ලෙන් (龙门石窟, Longmen Grottoes) සහ ථියැන්-ෂුයි (天水, Tianshui) ප්‍රදේශයේ තියෙන මැයි-චී-ෂන් ලෙන් (麦积山石窟, Maijishan Grottoes) ඒ අතරින් ප්‍රධානයි. මේ මහා ලෙන් විහාර සංකීර්ණ හතර ම යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන බවටත් පත්කරලා.

මැයි-චී-ෂන් කියන නම “තිරිඟුගොඩකන්ද” කියලා සිංහලෙන් කියන්න පුළුවන්. මේ කන්දේ ලෙන් 221 ක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ලෙන් විහාරවල බුද්ධ රූප සහ අනෙකුත් ප්‍රතිමා 10632 ක් දකින්න පුළුවන්. ඊට අමතරව වර්ග මීටර් දාහක් විතර ප්‍රමාණයක් පුරා පැතිරුණු බිතු කැටයම් සහ සිතුවම් දකින්නත් පුළුවන්.

මේ ලෙන් විහාර පද්ධතිය හදන්න පටන් ඇරගෙන තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 384 – 417 කාලයේ. ඊට පස්සේ ගතවුණු අවුරුදු 1600 කට වැඩි කාලය තුළ ඇතිවෙච්ච පාලන යුග දොළහක් තිස්සේ මේ විහාර පද්ධතියේ විවිධ ඉදිකිරීම් කරලා තියෙනවා.

තනි උඩ කන්දක නිර්මාණය කරලා තියෙන හින්දා මෙතැන ලෙන් විහාර ඉදිකරලා තියෙන්නේ විවිධ උස මට්ටම්වල. ඉතාමත් පහළ බිම් මට්ටමේත් මීටර් 80 ක් විතර ඉහළ මට්ටමේත් ඉදිකරපු ලෙන් විහාර තියෙනවා.

පසුගිය ඉල් පුර පසළොස්වක පොහොය දවසේ රන් FM (100.5 / 88.1) ගුවන්විදුලියෙන් ඉදිරිපත් කරපු “සේද මාවතේ බොදු මං සළකුණු” වැඩසටහනෙන් චීනයේ ලෙන් විහාර පිළිබඳ විස්තරයක් මම ඉදිරිපත් කළා. ඒ, මේ වැඩසටහන් මාලාවේ හයවැන්න.

අද (2022 ජනවාරි 17 වැනි දා සඳුදා, දුරුතු පුර පසළොස්වක දා) හවස පහට ප්‍රචාරය කරන්නේ “සේද මාවතේ බොදු මං සළකුණු” වැඩසටහන් මාලාවේ අටවැන්න.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

https://www.facebook.com/100032428940455/posts/610892230001736/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More