දේශීය පුවත්

පොලිස්පතිවරයාට කෝට් එක දුන්නේ කාදිනල්තුමා නොවන බැවින් එය ගලවා දමා යන ලෙස පොලිස්පතිවරයාට පවසන්නට කාදිනල්තුමාට අයිතියක් තිබේදැයි තමන් නොදන්නා බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක අදහස් ප‍්‍රකාශ කිරීමට බාධාවක් නොමැති බවත් බුද්ධිමත් ජනතාව ඒ පිළිබඳ තීරණයක් ගනු ඇති බවත් ඒ මහතා කීය.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු පෙරේදා (15 දා) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේය.

බොරැුල්ල සියලූ ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නිසි ලෙස පරීක්ෂණ සිදු කරන බව ආරක්ෂක ලේකම් ලෙස තමන් හොඳින් දන්නා බවත් පොලිස්පතිවරයා කවුරුන් හෝ කියන පමාවෙන් කෝට් එක ගලවා නොයනු ඇතැයි තමන් හිතන බවත් ඒ මහතා කීය.

මෙම සිදුවීමට සම්බන්ධ සියලූ දෙනා නීතිය හමුවට ගෙන එන බවත්, ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ විධිමත්ව සිදු කිරීමට යම් කාලසීමාවක් අවශ්‍ය බවත් හෙතෙම අවධාරණය කළේය.

කාදිනල්තුමා සිතනවාට වඩා පරීක්ෂණ බොහෝ දුර ගොස් තිබෙන බවත්, ඒ පිළිබඳ සියලූ තොරතුරු ඉදිරියේදී හෙළිදරව් වනු ඇති බවත් කී ආරක්ෂක ලේකම්වරයා, හදිසි වී පරීක්ෂණ කරන නිලධාරීන් හා පරීක්ෂණ සිදුකරන ආකාරය විවේචනය කිරීමට යෑමෙන් සිදුවන යහපතක් නොවන බවද ප‍්‍රකාශ කළේය.

පරීක්ෂණවල අවසන් ප‍්‍රතිඵලය බලා ඒ සම්බන්ධව සෑහීමකට පත්නොවන්නේ නම් විවේචන ඉදිරිපත් කිරීම ගැටලූවක් නොවන බවත් සිද්ධියෙන් පසු දින කිහිපයක් පමණක් ගතව තිබියදී පරීක්ෂණවල අභ්‍යන්තර කරුණු නොදැන විවේචනය කිරීම අනුමත කළ නොහැකි බවත් හෙතෙම කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More