කොළඹ වරායට පැමිණ තිබෙන ඉන්ධන නෞකා හතරකට නිසිවේලාවට ඩොලර් මුදානොහැරීම නිසා ඇමරිකානු ඩොලර් ලක්‍ෂ තුනක් පමණ (රුපියල් කෝටි හයක් පමණ) ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවනු ඇතැයි තෙල් සංස්ථාව (සිපෙට්කෝ) ගණන් බලා තිබේ.
මේ වනවිට ඞීසල් මෙටි‍්‍රක් ටොන් 80,000 අඩංගු නෞකා දෙකක්, ගුවන් යානා තෙල් මෙටි‍්‍රක් ටොන් 30,000 ක් අඩංගු නෞකාවක්, පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 30000 අඩංගු නෞකාවක් මෙරට මුහුදු තීරයට පැමිණ ඇත.
ඉකුත් 08 වැනිදා මෙරට මුහුදු තීරයට පැමිණි ඞීසල් මෙටි‍්‍රක් ටොන් 40,000 අඩංගු නෞකාවක්, 09 වැනිදා පැමිණි ඞීසල් මෙටි‍්‍රක් ටොන් 40,000 ක් අඩංගු නෞකාවක් අදාළ බැංකු වෙත ඩොලර් මුදාහැර නැති නිසා ඉන්ධන ගොඩබෑම ආරම්භ කර නැත.
කෙසේ වෙතත් 11 වැනි දින පැමිණි පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 30000 ක් අඩංගු නෞකාවේ පෙට‍්‍රල් ගොඩබෑම දින තුනකට පසු 14 වැනිදා සිට ආරම්භ කර තිබේ. නමුත් ඉකුත් 11 වැනිදා පැමිණි ගුවන් යානා තෙල් අඩංගු නෞකාවෙන්ද තාමත් තෙල් ගොඩබෑම ආරම්භ කර නැත.
මෙරටට අවශ්‍ය ඉන්ධන ඇණවුම් කළත් ඉන්ධන ගොඩබෑම ආරම්භ කිරීමට නම් එම විදෙස් සමාගම්වලට අවශ්‍ය අදාළ ඩොලර් ප‍්‍රමාණය මුදාහැරිය යුතුය. නමුත් එම ප‍්‍රමාදයන් නිසා නෞකා වෙත නිකරුණේ ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාව පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...