දුරුතු පුර පසළොස්වක පොහොය දිනය වන අද දින තුළ ශාසන ඉතිහාසයේ සදා අනුස්මරණීය සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබේ. ඒවා අතර උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුන් බෑ ජටිල පිරිස දමනය කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ ප්‍රථමවරට සිරිලකට වැඩමවීම, සිරිලක යක්ෂ ගෝත්‍රිකයින් දමනය කිරීම, බුදුරදුන්ගේ කේශ ධාතු නිධන්කොට මහියංගන දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ඇරයුම පරිදි බුදුරජාණන් වහන්සේ දහසක් මහරහතන් වහන්සේලා ද සමඟ රජගහ නුවරට වැඩමවීම, මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍යය අසල දී රජබවට පත්කරවීම යනාදිය ඓතිහාසික වශයෙන් වැදගත් වන්නාවූ සිදුවීම්ය.
මහාවංස තොරතුරු විමසා බැලීමේදී බුදුරදුන් සිරිලකට වැඩමවීමේ ඓතිහාසික පුවත මහාවංසයෙහි දැක්වෙන්නේ
“බෝධිතො නවමෙ මාසෙ
ඵුස්සපුණ්ණමියං ජිනො
ලංකාදීපං විසොධෙතුං
ලංකාදීප මුපාගමි” ලෙසයි.
බුද්ධත්වයෙන් නව වැනි මාසයේ දී දුරුතු පුර පසළොස්වක පොහොය දිනෙක ලංකාද්වීපය පරම පවිත්‍ර කරනු පිණිස බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ බව ශාසන ඉත්හාසය දෙස් දෙයි.
බුදුරජානන් වහන්සේ මතු ලක්දිව බුදුසසුන සුරක්ෂිත වන බව දැන යකුන් විසින් පිරුණු ලක්දිව යකුන් බැහැර කළ යුතු යැයි, දැන වදාළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...