දේශීය පුවත්

මධ්‍යම අධිවේග මාර්ගයේ අලුතින් නිම කළ කොටස ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට අද (15) එක්වෙමිනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසර 30ක යුද්ධය වසර 3කින් අවසන් කළ මෙන් තමා ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර 3 තුළ ඉටුකරන බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ, ගොවි පවුලකින් පැවත එන නායකයෙකු ලෙස සැමවිටම ගොවියා රැකගැනීමට ප්‍රමුඛතාවය ගෙන ක්‍රියා කරන බවත් තමා බලයට පැමිණි අවස්ථාවේ පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන් අමතක නොකරන බවත් ඔවුන්ට නැවතත් වගා සංග්‍රාමයකට එකතුවීමට ආරාධනා කරන බවත් පැවසුවේය..

“රුපියල් 95කට හෝ වී මිලදීගෙන ගොවියා ශක්තිමත් කිරීමට තමා කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන්නා” යැයි ජනාධිපතිවරයා පවසා සිටියේය.

“මම අවුරුදු 5ක් තුළ කරනවා කියපු ඒ වැඩ සියල්ලම ලබන අවුරුදු 3 තුළ කරනවා කරනවාමයි.මගේ ඇමති මණ්ඩලය, අපිත් එක්ක ඉන්න මන්ත්‍රීවරුන්ගෙන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් මං ඉල්ලා සිටිනවා බොරු ප්‍රචාරවලට අධෛර්යමත් වෙන්නේ නැතුව අපි ජනතාවට පොරොන්දු වූ වැඩ කොටස මේ අවුරුදු තුනේ කරමු කියලා.අපි අවුරුදු 3කින් තමයි අවුරුදු 30ක යුද්ධය අවසාන කළේ. එහෙමනම් මේ ඉතිරි අවුරුදු තුනේදී අපි පොරොන්දුවෙන වැඩ කොටස කරන්න පුළුවන්.හැබැයි මාත් එක්ක එකතු වෙන්න. මං ගැන විශ්වාසය තියන්න. අපිට මේක කරන්න පුළුවන්.මාධ්‍යවලට කියන්නේ අපිත් එක්ක ගහගැනීමක් නෑ මෙතන. අපේ බලාපොරොත්තුව මේ රට හදන එක. මාධ්‍යවේදීන්ගෙන් මං ඉල්ලා සිටිනවා.. ඔබ මේ සංවර්ධනයේ පාර්ශ්වකරුවෙක් වෙන්න.අපි කවදාවත් ගොවියා අමතක කරන්නේ නෑ. මම නැවතත් තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා පුරන් කුඹුරු වගාකරන්න මගෙත් එක්ක එකතු වෙන්න කියලා.ඔබලා එදා යම්කිසි දෙයක් බලාපොරොත්තුවෙන් මට ඡන්දය දුන්නා නම් ඒ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටුකරලා දෙනවයි කියන පොරොන්දුව මත මට සහාය වෙන්න.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More