මෙරටට බලපා ඇති ඩොලර් ගැටලුව අවසන් වූ වහාම විදුලිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව විසදෙනු ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම හේතුවෙන් තාප බලාගාර සඳහා දැවිතෙල් නොලැබීම මත ඒවායෙන් විදුලි උත්පාදනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් එළඹෙන සතියේ සිට නොරොච්චෝල බලාගාරය හා ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වීම හේතුවෙන් කප්පාදුවක් නොමැතිව විදුලිය ලබා දිය හැකි වෙතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.
මේ දිනවල සිදුවන විදුලි බිද වැටීම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...