ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතු බවට 16 දෙනාගෙන් යුත් මන්ත්‍රී කණ්‌ඩායම පක්‍ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ යෝජනාව හිටපු මහ ලේකම් දුමින්ද දිසානායක මහතා තුන්වරක්‌ම යට ගැසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
මේ හේතුව නිසා ආණ්‌ඩුවෙන් ඉවත්වීමට නිදහස් පක්‍ෂයට නොහැකි වී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. හෙතෙම මේ බැව් පැවසුවේ නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීය.
මාස තුනක් තිස්‌සේ මධ්‍යම කාරක සභා වාර තුනකදී යට ගැසූ එම යෝජනාව අලුතින් පත්වූ පක්‍ෂ නව මහ ලේකම්වරයා වෙත ද භාරදුන් බවත්, ඔහුද පසුගිය මධ්‍යම කාරක සභාවේදී එය ඉදිරිපත් කළේ වැරැදි ආකාරයට බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආණ්‌ඩුවෙන් ඉවත් නොවී ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කළහොත් අන්ත පරාජයක් ලබන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ බහුතරයක් විධායක සභාවේදී සඳහන් කර තිබියදී තවදුරටත් ආණ්‌ඩුවේ සිට ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වුවහොත් සිදුවන්නේ සියදිවි නසා ගැනීමක් බවද මන්ත්‍රීවරයා කීවේය.
එම නිසා මධ්‍යම කාරක සභාවට ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාව ඉක්‌මනින් ඉදිරිපත් කර එය සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරු පිරිස සූදානම් කරගන්නා බවද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...