දේශීය පුවත්

ඊයේ (14) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහල චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහොත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

එහිදී ජනාධිපතිවරයා මහනායක හිමියන්ට සන්නස් පත්‍රය පිළිගැන්වූ අතර අගමැතිවරයා උන්වහන්සේට විජිනි පත පිළිගැන්විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊට එක්වී සිටීම විශේෂත්වයකි.

ජනාධිපතිවරයා උත්සව සභාව අමතමින් පවසා සිටියේ නිවුණු සැනසුණු සමාජයක්, පුරවැසියෙක්, බෞද්ධයෙක් දැකීමට මහනායක හිමිපාණන් වහන්සේ කළ දීර්ඝ කැපකිරීමට බෞද්ධ ලෝකයේම ආශිර්වාදයට පාත්‍ර වන බවයි.

අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් දේශ දේශාන්තරවල වැඩම කරමින් උතුම් සම්බුද්ධ දේශනාව, ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය ජනතාවගේ හිතසුව පිණිස දේශනා කළ බවත් උන්වහන්සේ මහනායක පදවියට පත්වන්නේ අමරපුර නිකායේ අනාගත යුග මෙහෙවරෙහි විශාල වගකීම් සම්භාරයක් වෙනුවෙන් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහත අදහස් දක්වමින් 2004 ඇතිවූ සුනාමි ඛේදවාචකයෙන් හානි සිදුවූ විහාරස්ථානවල පුස්තකාල ගොඩනැගීමට අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියන් ලබාදුන් සහය ශාසනයේ පැවැත්මට කටයුතු කරන භික්ෂූන් වහන්සේලාගේ උන්නතියට හේතුවූ බව සිහිපත් කළේය.

අදහස් දැක්වූ ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියෝ,

“එක භික්ෂූන් වහන්සේ නමකට ප්‍රශ්නයක් වූණාම මුළු භික්ෂු පරම්පරාවටම චෝදනා කරන රටක් බවට මේ රට පත්වෙලා තියෙනවා. ඒ නිසා ත්‍රෛනිකායික මහා සංඝරත්නය එකරාශී වී සිටින මේ අවස්ථාවේ මං කියනවා, තුන් නිකායම එකරාශ්‍රීවෙලා ඒ වගේ ප්‍රශ්නයක් ගැටළුවක් ඇති වුණාම ඒවා විසඳගෙන ශාසනයේ ගෞරවය රැකගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි සෑම දෙනාම උත්සාහ කරන්න ඕනේ.” යනුවෙන් පැවසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More