දේශීය පුවත්

තෛපොංගල් දිනය අදයි

January 14, 2022 8:09 am | Lanka Lead News

හින්දු භක්තිකයින් කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරු වීමට කෘතගුණ දැක්වීමට උත්සවශ්‍රියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබේ.

තෛපොංගල් යන්නෙහි අරුත “අස්වනු නෙළීමේ උත්සවය” යන්න වෙයි.

හින්දු දින දර්ශනයට අනුව උදාව යන්න අර්ථවත් කරමින් තෛපොංගල් ලෙස සමරන මෙම උත්සවය ලොව පුරා දමිළ ජනතාවගේ ආගමික, සමාජීය හා සංස්කෘතික බැඳීම් විදහාපානු ලබන බවයි හින්දු ආගමික නායකයින් පවසා සිටී.

තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදෙන්නේ සුරක්ෂිත දේශයක සෞභාග්‍ය හා සශ්‍රීකත්වය වෙනුවෙන් කැපවී සිටින සියලු දෙනාට සූර්ය දෙවියන්ගේ ආශිවාර්දය හා රැකවරණය නිතැතින් උදාවන බවයි.

එලෙසම ජනාධිපතිවරයාගේ නිවේදනයෙන් වැඩිදුරටහ් කියවෙන්නේ හරිත කෘෂි කර්මාන්තයක් සදහා වන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක වනු දැකීම බහුතර ශ්‍රි ලාංකික ජනතාවගේ අපේක්ෂාව වනබවත් තෛයිපෝංගල් සමය ඒ සදහා දැඩි උද්යෝගයක් සපයන බවත්ය.

ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ සෞභාග්‍යමත් දේශයක් ලෙස ලොවට පියනැගීම සඳහා වූ උදාර අරමුණ සාක්ෂාත් කර ගැනීමේ දී තෛපොංගල් දින අර්ථයන් මහඟු පිටුබලයක් වනු ඇති බවත් මෙවැනි උතුම් දිනයක ඇති සමාජ අර්ථය ජීවිතයට ළඟා කර ගනිමින් එක මවකගෙ දරුවන් මෙන් අප සියලු දෙනා පෙරට ආ යුතු බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More