දේශීය පුවත්

ඊයේ(13) පෙරවරුවේ තෙෂාර ජයසිංහ මහතාව ලි‌ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කර ඇති බව වාර්තාවේ.

මාධ්‍යය වාර්තා පවසන්නේ ඊයේ පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලිපියකින් දැනුම් දී ඇත්තේ තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබූ බවත්, නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කරන බවට දැනුම්දී ඇති බවය.

ඒ අනුව තෙෂාර ජයසිංහ මහතාව ලිට්‍රො සමාගමේ සභාපති ධුරයෙන් පමණක් නොව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන්ද ඉවත් කළ බව එස් ආර් ආටිගල මහතා රක්ෂණ සංස්ථාවට යොමු කළ ලිපිය මගින් අවධාරණය කර ඇති බවද කියවේ.

මාධ්‍යය වාර්තා පවසන්නේ ජයසිංහ මහතාව ලිට්ට්‍රෝ සභාපති ධුරයෙන් ඉවත් කිරීම ජනාධිපති වරයාවරයාගේ සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සිදුව ඇති බවත් නැවත ඔහු පත්කිරීම ද ඔවුන් දෙදෙනාගේ උපදෙස් මත සිදු වූ බවත්ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ සමාගමේ කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට එහි ගිය අවස්ථාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ද පැමිණ සිටි අතර, එහිදී ජනාධිපතිවරයා තෙෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ඉවත් කරගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද දැනුම් දුන් බව වාර්තා විය .

ඒ අනුව මාධ්‍යය වාර්තා පවසන්නේ තෙෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔහු නැවත එම තනතුරට පත් කරනු ලැබූ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More