දේශීය පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබීම හේතුවෙන් ඇතැම් කාර්යාල දුම්රිය සහ සියලුම දුර ගමන් සේවා දුම්රිය අවලංගු වී ඇති බව දුම්රිය සාමාන්‍යායාධිකාරීවරයා පවසයි.

කෙසේ වෙතත් කාර්යාල දුම්රිය 80ක් ධාවනය කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බව දුම්රිය සාමාන්‍යායාධිකාරීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසා සිටියේ,
දුරගමන් සේවා කලින් ආසන වෙන්කළ දුම්රියන් නොදන්වා අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි.
“දිගින් දිගටම අපේ සාමාජිකයින්ගේ ප්‍රශ්න විසඳිලා නෑ. ඒ වගේම දුම්රිය කාලසටහන යතාවත් කරනවා කියලා, දුම්රිය සාමාන්‍යයෙන් ධාවනය කරන්න යෝජනා කරලා, ආසන වෙන්කිරීමේ කටයුතු සිද්ධකරලා ඉවර වුණාට පස්සේ, දුම්රිය ධාවනය වෙන්න පැය කිහිපයකට කලින් දුම්රිය අවලංගු කරනවා. මේක හිතාමතා කරන දෙයක් පාලනාධිකාරිය. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අනුදැනුම මත ක්‍රියාත්මක වෙනවා කියන සැකය අපිට තියෙනවා. තෝරාගත් වෘත්තීය සමිති කිහිපයකට කේවල් කිරීම මත අවශ්‍ය පහසුකම් ලබාදෙමින් මගීන්ගේ සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන්ගේ පහසුකම් සියල්ල පසෙකලා කටයුතු කිරීමට විරෝධතාවය පළ කිරීමක් වෙනුවට අකමැත්තෙන් වුවත් පැය 24ක වෘත්තීය ක්‍රියාමාර්ගයක අපි නිරතවෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More