දේශීය පුවත්

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ(12), 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්වලදී සිරකරුවන් 8දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවකු වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා එම චෝදනාවට වරදකරු කරමින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

කෙසේ වුවද එම නඩුවේ පළමු විත්තිකරු වූ එවක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ නියෝමාල් රංගජීව මහතා අධිකරණය විසින් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

2012 වසරේ නොවැම්බර් මස 09 වන දින පොලිස් විශේෂ කාර්යය බළකාය වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ඇතිවූ නොසන්සුන්තාවයේදී රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එවකට පොලිස් විශේෂ කාර්යය බළකායේ අණදෙන නිලධාරියාව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක්ද තුවාල ලැබීය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ එවක මැගසින් බන්ධනාගාර අධිකාරිවරයාව සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පසුව ඔවුන් ඇප මත මුදා හැරුණි.

කෙසේවෙතත් අදාළ සිදුවීමේදී රැඳවියන් 08 දෙනෙකු බන්ධනාගාරය තුළ පිහිටි කාර්මික අංශය නැමති ප්‍රදේශයට රැගෙන ගොස් මරාදැමීම, කුමන්ත්‍රණය කිරීම, නීතිවිරෝධි ජන ඒකරාශිය ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් 2019 ජුලි මස 04වන දින සැකකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සිදු කළේය.

ඒ අනුව අදාළ නඩුව වසර 2කට වැඩි කාලයක් ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුණි.

නඩු විභාගය අවසානයේ එහි තීන්දුව ඉකුත් ජනවාරි 06 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද මුද්‍රණ දෝෂ සැකසීමට කාලය අවශ්‍ය හෙයින් තීන්දුව ප්‍රකාශ කිරීම ඊයේ දිනය දක්වා කල් තැබුණි.

අද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙම ගැටුමේදී සිරකරුවන් 8 දෙනෙකු මරාදැමීමේ චෝදනා ලැබ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබුණි.

මෙම නඩුවේ විත්තිකරුවෙකු වන එමිල් රංජන් ළමාහේවා මහතාට අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමකරනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More