දේශීය පුවත්

බඩු මිල පහත දැමීම සඳහා මුදල් අමාත්‍යයවරයා විසින් අත්‍යාවශ්‍යය ආහාරවල බදු ඉවත් කළ යුතු බවට ගනු ලැබූ තීන්දුව පදනම කරගෙන මහා පරිමාන බදු වංචාවකට පොල් තෙල් ආනයනයකරුවන් දෙදෙනෙකු සූදානම් වෙමින් පවතින බව වාර්තාවේ.

ඒ සඳහා පදනම සකස් කිරීම සඳහා පොල්තෙල් මිළ කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 680ක් දක්වා ඉහළ දමා කෘත්‍රීම හිඟයක්ද ඇති කරන බව වාර්තාවේ.

මේ වන විට එසේ බදු සහන බලාපොරොත්තුවෙන් වරායෙන් නිදහස් කර නොගෙන ගුදම්වල රඳවා තබාගෙන සිටින පොල්තෙල් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 12කි.(මෙට්‍රික් ටොන් 12,000කි ).

අභ්‍යයන්තර ආරංචි මාර්ග අනුව ආනයනයකරුවන් සහ ආණ්ඩුවේ යම් පාර්ශව අතර එකඟතාවයන්ට අනුව පොල්තෙල් කිලෝ ග්‍රෑම් 1කට පනවා තිබෙන රුපියල් 150ක බද්ද රුපියල් 100කින් අඩු කරන බව වාර්තාවේ.

ඒ අනුව පොල්තෙල් ආනයනයකරුවන්ට ලැබෙන අයුතු ලාභය හෙවත් බදු වංචාව රුපියල් මිලියන 1200ක් බවද වාර්තා වේ. මීට පෙර පසුගිය වසරේදී පොල්තෙල් කිලෝග්‍රෑම් එකකට රුපියල් 295ක් වූ බදු මුදල රුපියල් 150කින් අඩු කරනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More