දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රී ලංකාව නැවතත් ලෝකයේ ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙලීමේ අවදානමක් මතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

චීනයට ගෙවීමට ඇති ණය ගෙවීම සදහා අමතර කාලයක් ජනාධිපතිවරයා විසින් චීන විදේශ ඇමැතිවරයා මුණගැසුණු ඉල්ලීම මීට හේතුව බව ඔහු පැවසීය.

මෙම ඉල්ලීම ශ්‍රී ලංකාව දැන් ණය ගෙවීමට හැකියාවක් නැති රටක් ලෙස මුල්‍ය වෙලදපලට දුන් ඉතා භයානක සංඥාවක් යැයිද ඔහු කියා සිටියි.

මේ හේතුවෙන් මූල්‍ය වෙළඳපල විසින් ශ්‍රී ලංකාව තව තවත් පහළ හෙළීමට කටයුතු කරනු ඇති බවත් ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More