දේශීය පුවත්

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රෝහල්ගතව සිටින බැවින් අද දින පැවැති නඩු විභාගය සඳහා ඔහු සහභාගී නොවූ බව නීතීඥ රජික කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

අද (ජනවාරි 11) පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව රිය අනතුරක් සම්බන්ධයෙන් පවතින නඩුවේ විභාගය අවසානයේ වැඩිදුරටත් කරුණු දැක්වූ කොඩිතුවක්කු මහතා;

“අද දින HE1824,2020 කියන නඩුව කැඳවීමක් කරනු ලැබුවා. එහිදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇමතිතුමා විශේෂයෙන් අද දින උසාවියට පැමිණියේ නැහැ. පැමිණියේ නැති හේතුව තමයි එතුමා ඊයේ හවස නාරාහේන්පිට වෘත්තිකයන්ගේ රැස්වීමකට යමින් සිටින අවස්ථාවකදී හදිසියේදී ඇති වූ අසනීප තත්ත්වයක් නිසා ලංකා හොස්පිටල් (ලංකා රෝහලට) ඇතුළත් වීමක් වුණා එදින රාත්‍රියේම. එතුමාව අධීක්ෂණය කරනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත ජයවර්ධන මහතා. ඔහු විසින් ඉතාම පැහැදිලිව වෛද්‍ය වාර්තාවක් ලබා දීමක් සිදු කළා එතුමාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන්. ඒ වගේම අපිට කියන්න ඕනේ මුල ඉදන්ම කිසිම අවස්ථාවක පාඨලී චම්පික රණවක ඇමතිතුමා නඩු සම්බන්ධයෙන් හෝ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හෝ මග හැරීමක් කිසිදු අවස්ථාවක කළේ නෑ. පසුගිය වසරේ සිදු කළ අත්අඩංගුවට ගැනීම ඔබ දන්නවා; පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාට හෝ කථානායකතුමාට දැනුම් දීමක් කරන්නේ නැතුව ඒ මධ්‍යම රාත්‍රියේ කඩා වැදිලා ගෙදරට බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමක් කරන්නෙ. පැහැදිලිව එතුමාගේ වටේ හිටිය රියදුරන්ට සහ සියලුම තත්ත්වයේ පුද්ගලයන්ට පොලිසිය විසින් ඒ අවස්ථාවේදී යම් යම් බලපෑමෙන් කරමින් සිටියේ. ඒ නිසා අපි දන්නවා මේක දේශපාලන වශයෙන් වූ කරන්නා වූ චෝදනාවක්. ඒ වගේම ඒ තත්ත්වයන් මත අපි කියා සිටින්නේ අපිට ජනතාවට මේ සම්බන්ධයෙන් වූ කරුණු දැක්වීමක් කරන්න තිබෙනවා.”

මේ නඩුව අසන සෑම අවස්ථාවකදීම සමහර රාජපක්ෂවාදී, හෝ තම හාම්පුතාගේ බසට කටයුතු කරන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය කීපයක් විසින් නඩුව සම්බන්ධ කරුණු තමන්ට අවශ්‍ය ආකාරයට වැරදි අදහසක් ලබාදෙන ආකාරයට ප්‍රකාශයට පත් කරන බව ද නීතීඥ රජික කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.

“ඊයේ දින අභියාචනාධිකරණයේ නඩුව සම්බන්ධයෙන් මව්බිම ආයතනය අද දින වාර්තා කරලා තියෙන වාර්තාකරණය ඉතාම පක්ෂග්‍රාහී සහ ඒකපාර්ශවිකයි. යම් කෙනෙක් වාර්තා කිරීමක් කරනවා නම්, එය සමස්තයක් විදියට සියලුම කාරණා වාර්තාගත කරන්න ඕනේ. තෝරා ගැනීම හෝ ඒ අදහස ලබා ගැනීම ග්‍රාහකයා සතු වගකීමක්. ඒ නිසා මාධ්‍ය තමන්ගේ අරමුණ සඳහා වූ ඒ කරන ක්‍රියාවලිය පිළිබඳ අපි මහජනතාවගෙන් අයැද සිටිනවා. ඔබ පැහැදිලිව මේ සම්බන්ධයෙන් වූ දෑස් දල්වගෙන බලන් ඉන්න මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා.

තමන් අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි ලෙස විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.

“අපේ ස්ථාවරය වන්නේ මේ මුල් අවස්ථාවේ අසා නිම කළ නඩුවක්. ඒ නිසාම අපි ඒ සම්බන්ධයෙන් විරුද්ධ වෙනවා නැවත අසා නිම කරන්න. මොකද නීතියේ සිද්ධාන්තයන් තිබෙනවා එක් අවස්ථාවකදී දඬුවම් කරන නඩුවකට පුද්ගලයෙක්ට නැවත දඬුවම් කරන්න බෑ කියලා. ඒ නිසා තමයි අපි අභියාචනාධිකරණයට ගියේ. අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කිරීමක් කරන්නෙ නෑ. දෙපාර්ශවයේම කරුණු ඇහුම්කන් දීමකින් පසුව තමයි අභියාචනාධිකරණය තීන්දු කරන්නේ. ඒ නිසා අපේ කරුණු දැක්වීම අපි සිදු කරා. ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මැතිතුමා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඒ කරුණු දැක්වීම ඉදිරියට කිරීමට අපේක්ෂා කරන බවත්, ඔවුන්ට කාලය ප්‍රමාණවත් නොවන බවත් දක්වා සිටියා.

මහජනතාවට අපි ප්‍රකාශ කරන්නේ ඒකපාර්ශිකව මේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන්න. මහජනතාවගේ සේවකයෙක් විදිහට අවුරුදු 12 ක කාලයක් අපගේ සේවාදායකයා කැබිනට් ඇමතිකම් කරලා තියෙනවා, විශාල බලතල සහිත අමාත්‍යාංශ කරලා තියෙනවා, සත පහක් වංචා කළා හෝ දුෂණයක් කළා කියලා චෝදනාවක් නැහැ, මහ ජනතාවගේ වරම පාවලා දිලා මහජනතාවට වෙනත් විදිහට කටයුතු කරන දේශපාලඥයෙක් නෙමෙයි චම්පික රණවක මැතිතුමා.

නීතියේ ආධිපත්‍යය ගරු කරන පුරවැසියෙක් ලෙස චම්පික රණවක මහතා මේ වන විට ලංකා රෝහලේ කොරෝනා පරීක්ෂණය සඳහා යොමුව ඇති අතර, ඒ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව පැමිණීමෙන් පසු අනෙක් සියළු වෛද්‍ය වාර්තා නිකුත් කෙරෙනු ඇත.

“අධිකරණය විසින් අද යම් යම් ආයතනයන් වලට සහ විශේෂයෙන් අධිකරණ වෛද්‍යවරයාට නියමයක් කළා ඒ සම්බන්ධයෙන් පරික්ෂා කරලා බලලා වාර්තාවක් අධිකරණයට.  සති 2 කින් ලබා දෙන්න කියලා. අපි ඉතාම සතුටට පත්වෙනවා. මොකද අපිටත් ඕනේ අපි කිව්ව කාරණාව සත්‍ය බව දන්වා සිටින්න.”

අධිකරණය ඉදිරියේ අවශ්‍ය අවස්ථාවල දී පෙනී සිටි වගකිවයුතු පුරවැසියෙක් ලෙස කටයුතු කර ඇති රණවක මහතාට ඇති වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් මෙසේ අධිකරණයට පැමිණිය නොහැකි වූවා මිස ඔහුගේ දේශපාලන කටයුත්තට හෝ ඔහුගේ අනාගත අධිකරණයේ පෙනී සිටීම සම්බන්ධයෙන් මෙහි කිසිදු බලපෑමක් නොවන බවත්; තමන් සෘජුවම අධිකරණය ඉදිරියේ පෙනී සිට තම සේවාදායකයාගේ නිර්දොෂීභාවය ඔප්පු කරන බවත් නීතීඥ රජික කොඩිතුවක්කු මහතා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More