දේශීය පුවත්

පැල්මඩුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩලය අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට චෝදනා තමන්ට එල්ල කිරීමට උත්සාහයක් ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සිරිසේන මහතා පවසා සිටියේ පාස්කු කොමිසම සම්බන්ධයෙන් කතා කරන්නේ තමන්ව හිරේ දමන්න වුවමනා පිරිසක් බවත් එම කොමිසම ගැන යම්කිසි දවසක තමන්ටද කියන්නට අවස්ථාව එනු ඇති බවත්ය.

“ආණ්ඩු පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා, විපක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ. ඔක්කෝම ගහනවා මට. ආණ්ඩු පක්ෂයත් ගහනවා. විපක්ෂයත් ගහනවා පාර්ලිමේන්තුවේ අගමැතිත් ගහනවා, මැති ඇමතිවරුත් ගහනවා.මට බනින එක නෙමෙයි මට සල්ලි දෙන්න ඕනේ තමුන්නාන්සේලා එකතු කරලා තෑගි ටිකක් දෙන්න ඕනේ මම තනියම ආණ්ඩුවක් ගෙනිච්චාට මේ වගේ හිඟමනයට වැටෙන්නේ නැතුව. මෙහෙම ගෑස් ප්‍රශ්නයි, තෙල් ප්‍රශ්නයි, පොහොර ප්‍රශ්නයි මේවා රටේ මිනිස්සු හදපු ප්‍රශ්න නෙමෙයි නේ.මේවා ඔක්කෝම ආණ්ඩුව හදාගත්ත ප්‍රශ්න. ඒවා ගැන අපි කතා කරාම කෝප වෙනවා. මේ කොහේවත් යන පාස්කු බෝම්බයක් පුපුරවලා, ඒක මගේ ඇඟේ දාන්න හැදුවට පාස්කු ප්‍රහාරය ගැන හොයන්නෙ මම පත්කරපු කොමිසම.හැබැයි එක මිනිහෙක්වත් කතා කරන්නේ නෑ වංචා දූෂණ පිළිබඳ මම පත් කරපු කොමිසම් 4 ගැන. ඒ ඔක්කෝම කොමිසම් හමස් පෙට්ටියට. මාව හිරේ දා ගන්න ඕන කට්ටිය තමයි පාස්කු කොමිසම ගැන කතා කරන්නේ. පාස්කු කොමිසම ගැනත් යම් කිසි දවසක මට කියන්න අවස්ථාව එයි. මං එදාට කියන්නම්.” යනුවෙන් සිරිසේන මහතා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More