දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශ කිහිපයක කාර්ය භාරයන් සංශෝධනය කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව, ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට බෞද්ධ පුනරුද අරමුදල සහ රාජ්‍ය සේවා අන්‍යොන්‍ය අර්ථ සාධක සංගමය එක්කර ඇති බව වාර්තාවේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට බුද්ධ ශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල, මහා භාරකාර දෙපාර්තමේන්තුව එක්කර ඇත.

ලොහාන් රත්වත්තේ මහතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර කළමණාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශය ඉවත් කර එහි කාර්යයන් හා කර්තව්‍යයන් සුවිශේෂී ප්‍රමුඛතා අදාළ ආයතනික හා නෛතික රාමුව අධිකරණ අමාත්‍යංශය යටතට පත්කර තිබේ.

ඒඅ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසල, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය මින් ඉදිරියට අධිකරණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙයි.

එමෙන්ම පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට පත්කර තිබේ.

සුසිල් ප්‍රේමජන්ත් රාජ්‍ය අමාත්‍යවරයාගේ යටතේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරා ඇත.

ආයෝජන මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කිරීම ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතට පත්කර ඇති අතර එහි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඩී.වී. චානක මහතා කටයුතු කරනු ලබයි.

විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය හොබවන කර්මාන්ත අමාත්‍යංශය යටතට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පත්කර ඇති අතර ඒ අනුව ඔහු යටතේ පවතින ආයතන ගණන 16ක් දක්වා ඉහළ යනු ඇති.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More