ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටින්නේ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ගේ මෙරට සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදානයක් සිදුකිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා දායකත්වය ලබාදීමට එකඟ වී ඇති බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 25.5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම ඇතුළු ව්‍යාපෘති 4ක් සිදුකිරීමට චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා එකඟ වී ඇති බව එම ට්විටර් පණිවිඩය මගින් පවසයි.
චීනයේ පරිත්‍යාගයක් වූ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මේලන ශාලාව ( BMICH) අලුත්වැඩියාව, වකුගඩු රෝගීන් හඳුනාගැනීම පහසු කිරීමේ උපාංග සහිත ගිලන් රථ සැපයීම, කොළඹ සිටින අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 1996ක් ඉදිකිරීම පිළිබඳ ගිවිසුම් ඒ අතර වන බවත් එම ට්වීටර් පණිවිඩය මගින් වැඩිදුරටත් පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...