දේශීය පුවත්

දිනකට පැය දෙකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී පී.ඩබ්ලිව්. හෙන්දාහේවා මහතා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා මහතා වෙත දන්වා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා පැයක විදුලි කප්පාදුවක් සහ සවස 6 සිට රාත්‍රී 9 දක්වා උපරිම පැය වලදී විනාඩි 45ක විදුලි කප්පාදු දෙකක් ඒසේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පද්ධති පාලන) ආර් අලහකෝන් විසින් සති දෙකකට පමණ පෙර ලංවිම සාමාන්‍යාධිකාරීවරයාට දන්වා ඇත්තේ ඉල්ලුම සැපයුම අතර හිඟය මඟහරවා ගැනීමට නම් අවම වශයෙන් පැය දෙකහමාරක් විදුලිය විසන්ධි කළ යුතු බවයි.

විදුලි බල මණ්ඩලයේ ජේෂ්ඨ නිලධාරියෙකුට අනුව පූර්ව දැනුම්දීමකින් පසු නිශ්චිත වේලාවක යම් ප්‍රදේශයකට විදුලිය විසන්ධි කරන විට සැලසුම්කල විදුලි කප්පාදුවක් වන අතර නියමිත නොවන විදුලි කප්පාදුවලින් අදහස් වන්නේ ඉල්ලුමට සරිලන පරිදි සැපයුමට නොහැකි වූ විට, පද්ධතිය ස්වයංක්‍රීයව බිඳ වැටීමයි.

එහිදි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්, “අපිට ඒක නවත්වන්න බැහැ.දැන් රටේ වෙන්නේ ඒකයි.ඒකයි අපි කලින්ම කිව්වේ පවතින යථාර්ථය තුළ නිල වශයෙන් නියමිත විදුලිය විසන්ධි කරන්න වෙනවා කියලා.ඒත් බලධාරීන් පියවර ගත්තේ නැහැ” යනුවෙනි.

අද වන විට දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40ක් ජල විදුලියෙන් ද සියයට 30ක් ගල් අඟුරු බලයෙන්ද සියයට 22ක් තෙල්වලින්ද තවත් සියයට 8ක් සූර්ය හා සුළං බලයෙන්ද සපුරනු ලබයි. වර්ෂාව නොමැති බැවින් ජල පෝෂක ප්‍රදේශවල කුඩා ජල විදුලි බලාගාර කිසිවක් ක්‍රියාත්මක නොවේ.

මේ අතර මාධ්‍යය වාර්තා කර තිබුණේ ලංවිම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) රු. බිලියන 90 ක මුදලක් ගෙවා නැති බවත් ඩොලර්වලින් ණය පියවන්නේ නැත්නම් ඉන්ධන සැපයීමට නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය සති තුනකට පෙර ලංවිමට දන්වා තිබුණු බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More