දේශීය පුවත්

රාවුෆ් හකීම් මහතාගේ පක්ෂයෙන් සහ රිෂාඩ් බදුයුද්දීන් මහතාගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරු හත් දෙනෙකු පසුගියදා සම්මතවූ අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. එතැනින් නොනැවතුනු එම මන්ත්‍රීවරු හත් දෙනා වෙනමම සන්ධානගතවී ආණ්ඩුවට සහයෝගය දීමට කටයුතු කිරීමට සූදානම් වන බවද පසුගියදා වාර්තා පලවිය. ඒ සම්බන්ධයෙන් ජාතික සංවිධාන වල මතය විමසූ ලංකා ලීඩ් වෙබ් අඩවිය මගින් විමසූ විට ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ,” ඉස්ලාම් අන්තවාදීන් යැයි මහා සමාජයට නිරාවරණය වූ පිරිස් අතහැර එම පිරිස් සමඟම සිටි වෙනත් කණ්ඩායම් මගින් ඉස්ලාම් අන්තවාදයේ ඊළඟ පියවරයන්ට ළඟා වීමට කටයුතු කිරීම ඔවුන්ගේ සුලභ උපක්‍රමයයි. ඒ මගින් සාමාන්‍යය මහා සමාජය මුලාවට ලක්කිරීමට ඔවුනට හැකියාව ලැබෙනවා. ඉස්ලාම් අන්තවාදය වැඩෙන්නේම රාජ්‍යය බලය මත හිඳිමින්මයි. රාවුෆ්ලාගේ රිෂාඩ්ලාගේ භූමිකාව මහා සමාජයට නිරාවරණය වී අවසන්. ඒ නිසා අළුත් පිරිස් අවශ්‍යය වෙනවා. එපමණක් නොවෙයි ඔවුන් රාජ්‍යය බලය තුළ ස්ථානගතවීමත් වැදගත්වෙනවා. අන්තවාදීන් මේ ආණ්ඩුවේ පවා රාජ්‍යය බලය තුළ ස්ථානගත වීම තුළ ජනාධිපතිවරයා විසින් පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ඉස්ලාම් අන්තවාදය මැඩලීම සඳහා 2021-02-18 දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව පවා යට ගොස් තිබෙනවා. එම පත්‍රිකාව මගින් අන්තවාදය මැඩලීම සඳහා අදාළ ක‍්‍රියාමාර්ග 57ක් සඳහා අනුමැතිය ලබා ගන්නට යෙදුණා. එහි පළමුවැන්න දරුවන් අන්තවාදයට ගොදුරු කරන මද්‍රසා පාසල් රජයේ පාසල් පද්ධතියට අවශෝෂණය කිරීම. දෙවැන්න මද්‍රසා පාසැල් වයස 16ට වැඩි සහ මව්ලවීවරුන් ලෙස පුහුණුව ලැබීම සඳහා පමණක් යොදා ගැනීම. තුන්වැන්න පෙර පාසල් තුළ අන්තවාදයට දරුවන් පොළඹවන මක්තබ් ඉගැන්වීම් ක‍්‍රියාවලිය අහෝසි කිරීම. හතරවැන්න මුස්ලිම් කාන්තාවන්ගේ අයිතීන් තහවුරු කිරීම සඳහා විවාහ වයස් අවුරුදු 18 ලෙස නියම කිරීම සහ මුස්ලිම් විවාහ දික්කසාද නීති සංශෝධනය කිරීම . මේවා එකකවත් සිදු නොවී කල් යන්නේ මා කියන සිද්ධාන්තයට අනුවයි.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More