දේශීය පුවත්

ජාතික භික්ෂු පෙරමුණේ ලේකම්, පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් විසින් ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා ඉන්දීය සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ගිවිසුම බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තාවේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, එහි සභාපතිවරයා, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම, විගණකාධිපති, ලංකා අයි.ඕ.සී. සමාගම, ආරක්ෂක ලේකම් ඇතුළු 47 දෙනෙකු නම්කර තිබේ.

පෙත්සම්කාර හිමියන් කියා සිටින්නේ ඉකුත් 04 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ත්‍රිකුණාමලය ඛනිජ තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු ලංකා අයි.ඕ. සී සමාගම සමග ඒකාබද්ධව සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් තීන්දුකළ බව ප්‍රකාශකළ බවය.

ඉන් අනතුරුව මෙම තෙල් ටැංකි සංකීර්ණය පැවරීමේ ගිවිසුමක් ශ්‍රී ලංකා රජය හා ලංකා අයි.ඕ.සී. සමාගම අතර අත්සන් කෙරුණු බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කෙරුණු බවද පෙත්සම්කරු එම සංවර්ධන ක්‍රියාදාමය ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම හරහා සිදුකෙරෙන බව ප්‍රකාශ කෙරුණු බවද කියා සිටියේය.

මෙවැනි තීරණයකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම ගිවිසුම අත්සන් කළ ආකාරය ද නීතියට පටහැනි බව පවසයි.

මෙම ක්‍රියාව හරහා අමාත්‍ය මණ්ඩලය විසින් මහජනතාව, රජය කෙරෙහි තබා තිබෙන විශ්වාසය උල්ලංඝනය කර තිබෙන බවත් නීතියේ ආධිපත්‍යය බිඳහෙළීමට කටයුතු කර ඇති බවත් පෙත්සමින් චෝදනා කර තිබුණි.

ඒ අනුව නීතියට පරිබාහිරව ගොස් අත්තනෝමතික ආකාරයෙන් සිදුකර ඇති මෙම ගිවිසුම හා අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත්කරන ලෙස එම පෙත්සමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම ප්‍රශ්නගත අමාත්‍ය මණ්ඩල තීරණය හා ගිවිසුමේ පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් සිදුකරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (3) උප වගන්තිය ප්‍රකාරව විශේෂ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More