දේශීය පුවත්

සති අන්ත පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ මුදල් අච්චු ගසා සහන දෙන්න යාමෙන් ඇතිවන උද්ධමනය ගැන ආණ්ඩුව සිතා බැලිය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වන උදය ගම්මන්පිල මහතා රජයේ ආදායම් වැඩි වෙන්නෙ නැතිනම් වෙනත් වියදමක් කපා හැරෙන්නේද නැතිනම් සහන දෙන්න සිදු වන්නේ මුදල් අච්චු ගැසීමෙන් බව අවධාරණය කරයි.
අද වන විට මේ රටේ ජනතාව දැවැන්ත උද්ධමනයකට මුහුණ දෙමින් සිටින බව පවසන ඒ මහතා එයින්ද වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ අඩු ආදායම්ලාභීන් බවත් පවසයි.

බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව ඇත්ත ඇති සැටියෙන් ජනතාවට කිව යුතු බවත් ඒ ආකාරයට ජන මනස හදන විට ජනතාව තත්වය අවබෝධ කොටගෙන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් වනු ඇති බව පෙන්වා දෙන ගම්මන්පිල මහතා ඒ ආකාරයෙන් ජනමනස හදන්නට ආණ්ඩුව අසමත් වී ඇතැයි පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More