විදේශ පුවත්

කලහකාරී ලෙස හැසිරෙන උද්ඝෝෂකයින් ට “අනතුරු ඇඟවීමකින් තොරව” වෙඩිතබන ලෙස කසක්ස්තාන ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ.

රජයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණ පාලනය සඳහා ඔහු එම නියෝගය නිකුත්කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවසීය.

ජනාධිපති කසීම්-ජොමාර්ට් ටෝකයෙව් පැවසුවේ “කලහකාරීන්” 20,000ක් පමණ එරට ප්‍රධාන නගරය අල්මාටි නගරයට ප්‍රහාරයක් එල්ලකළ බවය.

රටපුරා උද්ඝෝෂණ ආරම්භ වූයේ ඉන්ධන සඳහා ලබාදුන් සහනයක් ඉවත් කිරීමට එරට රජය තීරණය කිරීමත් සමගය. අනතුරුව එරට අගමැතිවරයා ප්‍රමුඛ රජය ඉල්ලා අස්වුණි.

රටපුරා කලහකාරී සිදුවීම් වාර්තාවීමත් සමගම ඉන්ධන සඳහා ලබාදුන් සහනය නැවතත් සක්‍රීය කිරීමට බලධාරීන් කටයුතු කළේය.

ඇතිවූ ගැටුම් හේතුවෙන් මේ දක්වා කලහකාරී ලෙස හැසිරුණු 26 දෙනෙක් සහ ආරක්ෂක හමුදා සාමාජිකයින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More