දේශීය පුවත්

චීන කාබනික පොහොර රැගත් පළමු නෞකාව ලබන පෙබරවාරි මාසය අවසානයේදී හෝ මාර්තු පළමු සතිය වන විට මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

එම නෞකාව මගින් මෙට්‍රික් ටොන් 8,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිත අතර රසායනාගාර පරීක්ෂණවලින් අනතුරුව එම පොහොර තොග මෙරටට රැගෙන ඒමට නියමිතය.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් පසුගියදා ලබාදුන් නියෝගයන්ට අනුව බේරුම්කරණ ක්‍රමවේදය යටතේ මහජන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් චීන සමාගම සඳහා ඊයේ (07) ගෙවනු ලැබීය.

අදාළ චීන සමාගමෙන් පොහොර මෙට්‍රික්ටොන් 96,000 ක් මෙරටින් මිලදී ගැනීමට නියමිතව ඇති අතර අවස්ථා කිහිපයකදී එම තොග මෙරටට රැගෙන ඒමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කොමර්ෂල් පොහොර සමාගමෙන් සිදුකළ විමසීමකදී එහි සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙලෙස චීනයෙන් ආනයනය කරන පොහොර තොග මීළඟ කන්නය සඳහා භාවිතයට ගැනීමට නියමිත බවය.

මේ අතර ඉන්දියාවෙන් දියර පොහොර ලීටර් ලක්ෂ 4 ක් මෙම මස අවසානයේදී මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

ඒ අනුව නැනෝ නයිට්‍රජන් දියර පොහොර බෝතල් මිලියනයක් දිවයින පුරා බෙදාහැරීමට සැලසුම් කර ඇති බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලිටර් ලක්ෂ 3 ක් මේ වන විට බෙදාහැර අවසන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More