දේශීය පුවත්

ත්‍රිකුනාමලය තෙල් ටැංකි IOC සමාගමට පැවරීමට අදාල ගිවිසුම් පසුගිය හයවෙනිදා රාත්‍රියේ අත්සන් කිරීම සම්බන්ධයෙන් ඊයේ(7) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසා සිටියේ ලංකාවේ මිනිසුන්ගේ ජීවිත සම්බන්ධයෙන් ගැටගැසී ඇති සියළුම ගිවිසුම් මහ රෑ වවුල්ලු සහ බකමූණෝ අවදිවී සිටින වේලාවල් වල අත්සන් තබන බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ත්‍රිකුණාමල තෙල් ටැංකි IOC සමාගමට පැවරීමට අදාල සියළුම කටයුතු පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලය සහ මහජනයා නොමඟ යැවීමට කටයුතු කිරීමට උදය ගම්මන්පිල මහතා කටයුතු කර ඇතැයි අවධාරණය කළේය.

ගම්මන්පිල මහතා තෙල් ටැංකි IOC සමාගමට පැවරීමට කටයුතු කිරීමේදී ඉන්දු ලංකා ගිවිසුම ඇතුළු සියළුම ගිවිසුම් සම්බන්ධයෙන් බරපතල ලෙස වැරදි තොරතුරු සමාජගත කරමින් කැබිනට් මණ්ඩලය සහ රටේ ජනතාව නොමඟ යවමින් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස බදු ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.

නීතිපතිවරයා පවා මෙම ගිවිසුම ජනතාද්‍රෝහී නීතිවිරෝධී බව පිළිගෙන ඇති බැවින් ජනතාවට මෙම ගිවිසුම පිළිනොගන්නා ලෙස අවධාරණය කරන බව පවසා සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More