සිකුරාදා (ජන 7) එනම් අද දින දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා ඇති විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් නුගේගොඩ, මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට බ්‍රහස්පතින්දා (6) රාත්‍රියේ විදුලිය සැපයීමට බාධා එල්ල විය.
කැලණිතිස්ස බලාගාරයේ ඇති වූ ගැටලුවෙන් මෙගාවොට් 135ක විදුලිය අහිමි වූ අතර කුකුළේ-ගඟ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් තවත් මෙගාවොට් 76ක විදුලි බලයක් අහිමි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආර්.එම්.රණතුංග මහතා පවසයි.
ඒ අනුව විදුලිබල මණ්ඩලයේ කුකුළේ-ගඟ බලාගාරයේ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කර ඇති නමුත් කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර නොමැත.
එහි ප්‍රතිඵලයක් ලෙස අද (7) දිනයේදී මෙන්ම විවිධ ප්‍රදේශවල දෛනික විදුලි ඉල්ලුම ඉහළ මට්ටමක පවතින අවස්ථා වලදී විදුලිය විසන්ධි විය හැක.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...