ප‍්‍රධාන පුවත්

කතරගම, කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩිතබා තුවාල කල සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරගෙන යන බව හම්බන්තොට, තංගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වදුරු කලූවා නමින් හැදින්වෙන අයකු සහ කිරිවෙහෙර භූමියේ පිහිටි මහසෙන් දේවාලයේ සේවය කල රාලහාමි නමින් හැදින්වෙන අයෙකු බව කතරගම පොලිසිය කියයි.

කතරගම කිරිවෙහෙර පිං බිමේ ඇති මහසෙන් දේවාලයේ හිටපු කපුවකු වන අසේල බණ්ඩාර නැමැති ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 08 ක් යොදවා තිබෙන බවද තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා ප්‍රකාශ කළේය. මේ සදහා කතරගම පොලිසිය හා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයද වෙනමම සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුට හා සෙසු අයට උදව් උපකාර කල මෙන්ම දුරකථන ඇමතුම් මගින් තොරතුරු සපයා ඇති කිරිවෙහෙර කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු පිළිබදවද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ. ඒ පිළිබදව තව දුරටත් පරීක්ෂණ පවත්වන බවත් අවශ්‍ය වුවහොත් ඔවුන්ද අත් අඩංගුවට ගැනීම කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා අවධාරණය කළේය.

ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අලූත්වැව සෝරත නාහිමි අපවත්වීමෙන් පසු හිස් වු විහාරාධිපති ධූරයට විහාරාධිපති හිමිනමක් පත්කිරීමේදී පාර්ශව කිහිපයක් ඒ සදහා ඉදිරිපත් වීම නිසා සුදුසුම විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් බව මල්වතු පාර්ශවයේ මහා නාහිමිවරුන් තීන්දු තීරණය කිරීමෙන් උන් වහන්සේ පත් කිරීමට තීරණය කළේය. මේ හේතුව මත විහාරාධිපති ධූරයට ඉදිරිපත් වු සෙසු පර්ශවයන් කොබවක නාහිමියන් සමග වෛර බැදගෙන කටයුතු කරමින් සිට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස නාහිමියන් ඝාතනය කිරීමට ඔවුන් පාතාලයන් සමග කටයුතු කර ඇත්ද යන්න සහ ඔවුන්ට උදව් උපකාර ලබා දී ඇත්ද යන්න බුද්ධි අංශ වල අවධානව යොමු වී තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණ කණ්ඩායම් පැති කිහිපයක් ඔස්සේ විශේෂ පරික්ෂණ ආරම්භ කර ඇතැයිද බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු ප්‍රකාශ කළේය.

කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩිතැබු අවස්ථාවේ ඝාතකයින් සැගවී සිටි ස්ථානය දෙස ආරක්ෂක අංශයේ අවධානය යොමුවීමෙන් ජිවිත කිහිපයක් බේරා ගැනිමට හැකි වී තිබෙන බව හම්බන්තොට, තංගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

කතරගම ඓතිහාසික කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ අවස්ථාවේ තුවාල ලද නාහිමියන් බිම වැටී සිටින අයුරු ආරක්ෂකයින් දැක ඇත. ආරක්ෂකයින් නාහිමියන් හා අනෙක් හිමිනම පිළිබදව සොයා බලද්දී ඒ අසල සැගවී සිටි නාදුනන තුවක්කුකරවන් නැවත වෙඩි ප‍්‍රහාර එල්ල කිරිමට සුදානම් වන බවද දැක ඇත. පොලිස් නිලධාරියා හා ග‍්‍රාමාරක්ෂක නිලධාරින් දෙදෙනා සැකකරුවන් පසු පස හබා නොගියේ නම් ජීවිත හානි සිදුවන්නට පවා ඉඩ තිබු බවද පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ.

පසුගිය අගහරුවාදා (12) රාත‍්‍රි 10.40 ට පමණ කිරිවෙහෙර විහාරස්ථානයට ඇතුලූවන පියගැට පෙල අසලදී නාහිමියන්ට වෙඩි තැබු සැකකරුවන් ඔවුන්ගේ දෙවන ඉලක්කය සදහා ඔහුන් රැගෙන විත් තිබු බෝර 12 වර්ගයේ තුවක්කුවට දෙවන වරටත් උණ්ඩ යොදමින් සිටින අයුරුද පොලිස් නිලධාරීන් දැක ඇත. කිරිවෙහෙර නාහිමියන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල් දිසානායක (73870) සහ ග‍්‍රාමාරක්ෂකයින් වන ඩබ් එල් සිසිර, කේ ඒ නිශාන්ත යන ආරක්ෂකයින් දිවි පරදුවට තබා ගිනි අවිද අතැතිව සිටි ඝාතකයින් දෙසට දිව ගොස් ඔවුන් අල්ලා ගැනීමට උත්සාහ දරා ඇත. එම නිසා දෙවන වරටත් වෙඩි තැබීමට තිබු ඉඩකඩ හා ජිවිත හානි වැලැක්වීමටත් හැකි වී තිබෙන බවද හම්බන්තොට තංගල්ල දිසාව භාර නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පති විජිත ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව සදහා යොදවා සිටින ග‍්‍රාමාරක්ෂක නිලධාරින් අතර කාර්යභාර නිලධාරින් කේ ඒ පුෂ්පසිරි, කේ ඒ නිශාන්ත, ඩබ් ඒ සිසිර, ඩබ් ඒ සුනිල් ශාන්ත, ඞී. පි. බුද්ධික ලක්මාල්, ඩබ් ජී ඉසුරු කුමාර, උපුල් ප‍්‍රියන්ත, චානක විදුරංග, ප‍්‍රභාත් සංජීව, ඩබ් ඒ කේ ප‍්‍රසන්න යන ග‍්‍රාමආරක්ෂක නිලධාරන් සමග කතරගම පොලිසියට අනුයුක්තව සේවයේ යෙදී පොලිස් කොස්තාපල් සිටි දිසානායක (73870) යන මහත්වරුන් ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම නිසා නාහිමියන් සහ සෙසු හිමිවරුන්ගේත් ජීවිත ගලවා ගැනීමට හැකියාව ලැබීම පිළිබදව දායකයින්ද ප‍්‍රසංසා කර ඇත.

– ජයකාන්ත ලියනගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More