දේශීය පුවත්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ ගිවිසුමට ඊයේ (06) සවස අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.

අදාළ ගිවිසුමට අත්සන් කළ පාර්ශ්ව අතර භාණ්ඩාගාර ලේකම්, ඉඩම් කොමසාරිස් ජනරාල්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා IOC සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් ඇතුළත් වෙයි.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කෙරෙයි.

ලංකා IOC සමාගම දැනටමත් භාවිතය ගනිමින් පවතින පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14ක් එම සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීම සිදුවෙයි.

එහිදී අයි ඕ සී සමාගම භාවිත කරන තෙල් ටැංකි 14 පමණක් තවත් වසර 50කට ඔවුන්ට බදුදීමට නියමිතය.

ඉතිරි තෙල් ටැංකි 61 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 51%ක් හා ලංකා IOC සමාගමට 49%ක් කොටස් අයිතිය හිමිවන ලෙස ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ථාපිත සමාගම හරහා සංවර්ධන කිරීම මෙම ගිවිසුම මගින් සිදුකරයි.

ට්‍රින්කෝ පෙට්‍රෝලියම් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙක්ම තෙල් සංස්ථාවෙන් පත්කෙරෙන අතර එහි සභාපති ධූරය හිමිවන්නේ ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුගියදා අනුමැතිය හිමිව තිබුණි.

මේ සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හරහා පැහැදිලි කළ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ,

“විගණකාධිපතිවරයා විගණනය කරන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ඉහළ නිලධාරීන් ගෙන්වලා ප්‍රශ්න කරන්න පුළුවන් සමාගම ගැන. විෂයභාර ඇමතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න පුළුවන් ආකෘතියක සමාගමක් විදියටයි මේ සමාගම ස්ථාපිත කෙරෙන්නේ. තෙල් සංස්ථාව ඝෘජුව ලබාගන්න ටැංකි 24 සහ තෙල් සංස්ථාවේ පාලිත සමාගම හරහා ලබාගන්නා ටැංකි 61 කියන දෙක එකට ගත්තහම සමස්ථ ටැංකි 99න් 85ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබෙනවා. ලංකා අයි ඕ සී සමාගමේ පාලනයට පැවරෙන්නේ ටැංකි 14ක් පමණයි,” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More