ද හින්දු පුවත් සේවය වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගමන් කරමින් සිටි රථ පෙළට උද්ඝෝෂකයින් පිරිසක් බාධා කර ඇති බවයි.
එම පුවත් සේවය අදාළ සිදුවීම “ආරක්ෂක අඩුපාඩුවක්” ලෙස සලකා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් පවසා සිටී.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පන්ජාබ් හි ෆෙරොසෙපූර් නම් ප්‍රදේශයේ සංවිධානය කර තිබු උත්සවයකට පැමිණෙමින් සිටියදී එම අකරතැබ්බයට මුහුණ දී තිබූ අතර එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ “ආරක්ෂක අඩුපාඩුව” හේතුවෙන් එම උත්සවය අවලංගු කළ බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් සපයන ලෙසත් ඊට වගකිවයුතු පාර්ශව ගැන දැඩි තීරණ ගන්නා ලෙසත් ප්‍රාන්ත රජයට ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් දන්වා ඇති බවද වාර්තාවේ.
ඉන්දීය අගමැතිවරයා හෙලිකොප්ටරයකින් යාමට නියමිතව සිටියද අයහපත් කාලගුණය හේතුවෙන් එම ස්ථානයට මෝටර් රථයෙන් යාමට තීරණය කර තිබුනු අතර එසේ යන අතරතුරදී ගුවන් පාලමක් මතදී ඔහුගේ මෝටර් රථ පෙළ නැවැත්වීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබුණි. ඊට හේතුවී තිබුණේ ගොවීන් පිරිසක් මාර්ගය ආසන්නයේ උද්ඝෝෂණයක් සිදුකරමින් සිටීමයි. ඒ හේතුවෙන් ඇතිවූ රථ වාහන තදබදය , ඉන්දීය අගමැතිවරයාට ගුවන් පාලම මත විනාඩි 20ක පමණ කාලයක් රැඳී සිටීමට සිදුවූ බව හින්දු පුවත් සේවය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...