ඊයේ (05) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමි බැහැදැක ආශිර්වාද ලබාගැනීමට පැමිණි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මාධ්‍යය අමතමින් ,
“තවමත් රටේ ප්‍රශ්න ඉවරයක් නැහැ. රටේ තියෙන තත්ත්වයක් එක්ක අපි හිතුවා අපි ලොකු ව්‍යාපාරයක් හදන්න ඕනේ කියලා. ඒකට මුල් පියවර අපි දැන් තියලා තියෙන්නේ. ඒ වගේම රට ගොඩනැගීම පිළිබඳව වැඩපිළිවෙලකුත් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද රට යන තත්ත්වය පිළිබඳව එච්චර හොඳ නැහැ. මේක වෙනස් කරන්න ඕන කියන තැන අපි ඉන්නවා.” යනුවෙන් පැවසුවේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,
“ප්‍රධාන වශයෙන් පක්ෂත් එක්ක එකඟතාවයකට යෑමට අපි කල්පනා කරන්නේ නෑ. නමුත් අපි හිතනවා අනෙක් පක්ෂවලත් අවංක, කැපවෙන සහ රට ගොඩනැගීමට අරමුණක් තියෙන අය ඉන්නවා කියලා. ඒ පුද්ගලයින් සහ කණ්ඩායම් එක්ක අපි එකඟතාවයකින් වැඩ කරන්න සූදානම්. පක්ෂ ලෙස එකතුවීමෙන් ප්‍රයෝජනයක් නැහැ. දැන් රුපියල් 5,000ක් දුන්නට බඩු ගන්න 10,000ක් යනවා. 5,000 නිකම් කඩදාසි කැබැල්ලක් විතරයි.”
අනුර කුමාර මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...