කොළඹ නගරය මෙම වසරේ සංචාරය කළ යුතු හොඳම ස්ථාන 22 අතරට එක් කිරීමට සී.එන්.එන්. ආයතනය විසින් පියවර ගෙන තිබේ.
මෙහිදී කොළඹ නගරය පිළිබඳව විශේෂ සඳහනක් කර ඇති සී.එන්.එන්. ආයතනයේ ලිලියට් මාර්කස් පවසා ඇත්තේ සංචාරකයන් විසින් මුල සිටම ශ‍්‍රී ලංකාවේ පිට පළාත්වල පවතින දර්ශනීය මුහුදු වෙරළ හා තේ වගා භූමි නැරඹීම වෙනුවෙන් කොළඹ නගරය මගහැර ඇති බවයි. කොළඹ නගරය පිළිබඳව ඇති වැරදි අවබෝධය මෙයට හේතු වී ඇති බවත් නගරය තුළ ප‍්‍රකට කෞතුකාගාරයක් වන හිටපු ප‍්‍රකට ශ‍්‍රී ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පියකු වන ජෙෆ්රි බාවාගේ නිවස, ප‍්‍රකට තානායම් මෙන්ම පිටකොටුවේ පාවෙන වෙළෙඳසල හා ගාලූ මුවදොර මුහුදු වෙරළ වැනි අපූර්ව ස්ථාන පවතින බවයි
සී.එන්.එන්. රූපවාහිනී සේවය මගින් නම් කර ඇති මෙම වසරේ සංචාරය කළ යුතු සෙසු හොඳම ස්ථාන 21 වනුයේ ඇන්ටිගුවා සහ බාර්බියුඩා කැරිබියන් දූපත්, ගිනි බිසව් රාජ්‍යයේ බිසගෝස් දූපත්, කැනේඩියානු පළාතක් වන නෝවා ස්කොෂියාහි බ්‍රෙටන් තුඩුව, චිලි රාජ්‍යය, ප‍්‍රංශයේ ඩිජෝන් නගරය, ග‍්‍රීන්ලන්තයේ ඩිස්කෝ බොක්ක, ගැබොන් රාජ්‍යයේ ජාතික උද්‍යානයන්, ජෝර්දානය, ෆින්ලන්තයේ ලාහ්ටි නගරය, ඔස්ටේ‍්‍රලියාවේ මුන්ගා තිර්රි සිම්ප්සන් කාන්තාරය, ඉතාලියේ නේපල්ස් නගරය, පේරු රාජ්‍යයේ ඔල්ලන්ටයිටැම්බෝ, එංගලන්තයේ ඕක්නි දූපත්, නෝර්වේ රාජ්‍යයේ අගනුවර වන ඔස්ලෝ නගරය, පලාවු දූපත, මැලේසියාවේ පෙනන්ග් දූපත, දකුණු අප‍්‍රිකාව, නෙදර්ලන්තයේ ශාන්ත ඉයුෂ්ටේෂස් දූපත, ඇමරිකාවේ ඔක්ලහෝමා ප‍්‍රාන්තයේ ටුල්සා ප‍්‍රදේශය, ස්පාඤ්ඤයේ වැලෙන්සියා වරාය නගරය හා ඇමරිකා එක්සත් ජනපදයේ යෙලෝස්ටෝන් ජාතික උද්‍යානයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...