සුසිල් ප්‍රේම්ජයන්ත මහතාව මේ වන විට රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කර තිබෙනවා. ඊට හේතුව ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීමයි.
සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉවත් කළ ආකාරයට ඉවත් කෙරෙන මීලඟ රාජ්‍ය අමාත්‍යවරයා පිළිබඳවද ඉඟි පලවෙමින් තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මීළඟට එම ඉරණමට මුහුණ දෙන රාජ්‍ය අමාත්‍යවරයා බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
විදුර වික්‍රමනායක මහතාද ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව මෙන්ම කැබිනට් මණ්ඩලය ප්‍රසිද්ධියේම තදින් විවේචනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙක්.
ඒ නිසා විදුර වික්‍රමනායක මහතාගේ රාජ්‍ය අමාත්‍යධූරය අවදානමක තිබෙන බවට තොරතුරු හෙළිදරව් වන අතර ඔහුටද ඔහුගේ රාජ්‍ය අමාත්‍ය ධූරය අහිමි වීම ඉතා නුදුරේම සිදු කිරීමට නියමිත ඇමති සංශෝධනයේදී හෝ ඊට පෙර සිදු විය හැකි බවයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...