විදේශ පුවත්

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක වන රිහාම් ඛාන් ගමන් කරමින් සිටි ඇගේ මෝටර් රථයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇත.

ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳ රිහාම් ඛාන් සමාජ ක්‍රියාකාරිනියකි. වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ද විවේචනය කරමිනි.

‘මා ඥාතියකුගේ මංගල උත්සවයට සහභාගී ආපසු එමින් සිටියා. යතුරු පැදියකින් ආ දෙදෙනකු මාගේ මෝටර් රථය වට කර වෙඩි තබා පලා ගියා. මගේ රියදුරාත් මගේ ලේකම්වරයාත් මා සමඟ සිටියා. කාටවත් අනතුරක් වුණේ නැහැ. මේක තමයි ඉම්රාන්ගේ පාකිස්තානය. අවනීතිය රජ කරනවා, මැරයෝ කිසිම බයක් සැකයක් නැතිව ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැළෙනවා.’ යැයි වන රිහාම් ඛාන් සිය ට්විටර් ගිණුම හරහා පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More