දේශීය පුවත්

විවිධ චෝදනා එල්ල කරමින් තමන් ඇතුළු විරුද්ධ දේශපාලන පක්ෂ මර්දනය කිරීමට උත්සාහ ගෙන ඇතැයි ද නමුත් ඒවාට බිය නොවී ජනතා ප‍්‍රශ්න යටකර දමා කටයුතු කිරීමට ඉඩ නොදී ජනතාවට යුක්තිය ඉටු කිරීමට සියලූ දෙනා පෙළගස්වන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

ඒ මහතා මෙසේ කියා සිටියේ අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් ඇප ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බොරැුල්ලේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අවසන් කරලා යතුරුපැදියේ යන විට තමයි වරෙන්තුවක් තිබෙන බව කියමින් මාව අත්අඩංගුවට ගත්තේ යැයි ද දුමින්ද නාගමුව මහතා ප‍්‍රකාශ කළේය. පොදු දේපළ පනත යටතේ මාව අත්අඩංගුවට ගෙන මේ අය ගත් උත්සාහ ජනතාව තේරුම් ගත යුතුයි. බැඳුම්කර නඩුවේ චුදිතයෝ අද සැප ගන්නවා.

මේ අය බලයට ආවේ පාස්කු ප‍්‍රහාරය පෙන්නලා. නමුත් ඒ ප‍්‍රහාරයේ වින්දිතයන්ට තාමත් සාධාරණයක් ඉටු කරලා නෑ. පොලිසියේ හැසිරීමයි, ජනතාව හසුරවන හැටියි ජනතාව කල්පනා කළ යුතුයි. අපිව තලාගෙන යන්නයි මේ අය හදන්නේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂ මර්දනයක් අරඹලා. මේ අසාධාරණයට එරෙහිව අපි ජනතාව පෙළ ගස්සනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More