දේශීය පුවත්

රවූෆ් හකීම් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහ රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සිය පක්ෂවලින් ඉවත් වී වෙනම මුස්ලිම් සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අතර නැගෙනහිර පළාත නියෝජනය කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හරහා පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ පිහිටුවනු ලබන නව මුස්ලිම් සන්ධානයට එක්වන ලෙස පාර්ලිමේන්තුවේ සිටින අනෙකුත් පක්ෂවල මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කරන බව යි.

එම මන්ත්‍රීවරයාගේ ඉල්ලීමට අවනත වෙමින් මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු නව සන්ධානයට එකතු කර ගැනීමට ඉහත කී පිරිස සාකච්ඡා පවත්වන බව වැඩිදුරටත් වාර්තා වේ.

නව සන්ධානය පිහිටුවීමෙන් අනතුරුව තමන් ගමන් ගන්නා දේශපාලන මාවත සහ තීන්දු තීරණ පිළිබඳව අදහස් පළ කර ඇති නායකත්වය දරණ මන්ත්‍රීවරයා පවසන්නේ නව සන්ධානය නිර්මාණය කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට බලාපොරොත්තුවන බවත් ඊට අදාළ සාකච්ඡා ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති බවත්ය.

කෙසේ වුවද මෙම මන්ත්‍රීවරුන් 07 දෙනා සිය පක්ෂවලින් ඉවත් වී නව සන්ධානය පිහිටවූ පසු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ ඉතිරි වීමට නියමිතව ඇත්තේ මන්ත්‍රීවරු දෙදෙනෙකු පමණි.ඒ එම පක්ෂවල නායකයින් දෙපෙළවන රවූෆ් හකීම් මහතා හා රිෂාඩ් බදියුදීන් මහතා යන අයයි.

නව සන්ධානයේ පෙරහුරුවක් ලෙස හකීම් මහතාගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු සිව්දෙනා සහ බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරු තිදෙනා මෙවර අයවැයට පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කරණු ලබූ බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More