දේශීය පුවත්

ඊයේ(04) පැවැති රැස්වීමකදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ රට මුහුණ දී සිටින තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව වැඩපිළිවෙලකට යොමු වී ඇති බව පැවසුවේය.

එහිදී ඒ මහතා වැඩිඩ්දුරටත් අදහස් දක්වමින් වත්මන් ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක් බවත් පාර්ලිමේන්තුවේ ප්‍රබලම තුන්වන පක්ෂය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ කඩා වැටීමකට ලක්වුණේ 1977 මැතිවරණයේ දී බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා පඣ්ක්ෂය ගොඩගැනීමට නොහැකි තැනකට වැටී ඇතැයි ඇතැමුන් සිතා සිටිය ද එවැනි තත්ත්වයකට පත්ව නොමැති බව අවධාරණය කළේය.

මෛත්‍රීපාල සිරිසේඅන් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,

“අලුත් අවුරුද්ද ලබලා දවස් 4යි. මේ අවුරුද්දේ පළවෙනියෙන් නිකුත්වුණ ඡන්ද ප්‍රතිඵලය තමයි ගිය සෙනසුරාදා සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිතුමා පොළේ ගියා හැම සුමානේම යන්නවා වගේ. ඒ වේලාවේ මාධ්‍යවේදීන් එතුමාගෙන් ඇසුවා කොහොමද ආණ්ඩුව කියලා. සුසිල් ප්‍රේම්ජයන්ත් මහත්තයා උත්තරයක් දුන්නා, දීලා සුයිප් එකකුත් අරගෙන ආණ්ඩුවට හයේ පාරක් ගහලා ගෙදර ගියා. පැය 24ක් යනකොට මම කියපු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුණා. උදේ ජනාධිපතිතුමා විසින් සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා. මට පේන විදිහට 2022 අවුරුද්ද එක ඇමතිවරයෙක් අස්කිරීමෙන් පමණක් සිදුවන සිදුවීමක් වළක්වාගැනීමට ආණ්ඩුවට නොහැකි වෙයි. ආණ්ඩුව නිවැරදි වුණොත්, ආණ්ඩුව හැදුනොත්, ආණ්ඩුව හරිදේ කරන්න පටන් ගත්තොත් ජනතාවගේ ප්‍රශ්න දුක්වේදනා හඳුනාගත්තොත් ඔය පිපිරීම වළක්වා ගන්න පුළුවන්. පොහොර නැතුව ගොවියා විඳින දුක. මේ රටේ මෑත ඉතිහාසයේ දන්නා පරිදි ඉංග්‍රිසි පාලකයින්ගේ කාලේදීවත් ගොවියාට මෙහෙම වේදනාවක් දුන්නේ නැහැ. ගොවියා සහ කෘෂිකර්මය තලලා පෙළලා, පාගලා, බෙල්ල මිරිකලා නැගිටින්නට බැරිවෙන්න ඉවරම කරලා තියෙන්නේ.

සුසිල්ව අස්කරා පොළේ ගිහින් කියපු කතාවට. ලාන්සා ඇමතිතුමා ගම්පහ ඔයිටත් දරුණු ප්‍රකාශයක් කරා. එයා හයේ පාරවල් දෙකක් ගැහුවා දවස් තුනකට ඉස්සෙල්ලා. හැබැයි ලාන්සාට නෑ ඉල්ලා අස්වීමක්. මම දන්නවා හේතුව ලාන්සාට අත තියන්නේ නෑ. ඒ මොකද ලාන්සා ඔක්කෝම දන්න මිනිහා. වෙන හේතුවක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් වැඩපිළිවෙලකට අවතීර්ණ වුණේ විශේෂයෙන්ම රට තියෙන තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා. අපි මේ ආණ්ඩුව හැදුවා. මේ ආණ්ඩුව අපි බලයට පත්කෙරුවා. පොහොට්ටුවේ ජීරණයවෙලා ඉන්න සමහරු කියනවා 69 ලක්ෂය ඒ අයගේම තමා කියලා. නැහැ 69 ලක්ෂය ඒ අයගේම නෙමෙයි. මේ ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක්. මේක හදන්න දේශපාලන පක්ෂ 13ක් එකට එකතු වුණා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය. එතැන ප්‍රබලම පක්ෂය අපි. අද පාර්ලිමේන්තුවේ ප්‍රබලම තුන්වැනි පක්ෂය අපි. සමහර අය හිතනවා අපේම අය මේ පක්ෂය දැන් හුඟාක් වැටිලා ගොඩගන්න බැරි තැනට විනාශවෙලා තියෙන්නේ කියලා. නෑ. අපි එහෙම වැටිලා නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ වැටීමකට ලක්වුණේ පක්ෂ ඉතිහාසයේ අවුරුදු 70ක 1977 දී බණ්ඩාරනායක මැතිවරණයේ දී අපි ආසන 8ට බැස්සා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More