අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වමන් අධිකරණයට අපහාස කර එහි දේපලවට හානිකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කඩුවෙල පොලීසිය අද (04) දහවල් බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත අධිකරණයෙන් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලීසිය පවසයි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධව පාර්ලිමේන්තු වටරවුමේ විරෝධාතාවක නිරතවී මහජන පීඩා කිරීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්ව විද්‍යාල අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පස් දෙකනුට ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඉකුත් නොවැම්බර් මස 04 වැනිදා මෙම සැකකරු ඇතුලු පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
එහිදී අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...