කොළඹ වානිජ මහාධිකරණයේදී විභාග වුනු බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිත වරයාට මුදල් ගෙවීම වළක්වාලන ලෙස ඉල්ලා මහජන බැංකුව ඇතුළු පිරිසකට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ (03) සමථයකට පත්කෙරුණි.
ඒ අනුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප් හෙට්ටිආරච්චි මහතා විසින් මෙතෙක් බල පැවැත්වූ මුදල් ගෙවිම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ද විසුරුවා හැරීමට නියෝග කරණු ලැබිණි.
දෙපාර්ශවයේම නීතිඥවරු අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් එම නඩු කටයුත්ත සමථයට පත්කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම කරුණු සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එම නඩු කටයුත්ත සමථයට පත් කිරීමට තීන්දු කළේය.
සමථ කොන්දේසිවලට අනුව ප්‍රමිතියෙන් යුත් පොහොර සැපයීම වෙනුවෙන් පැමිණිලිකාර සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමට එකඟ වී ඇති අතර ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් චීන සමාගම තැන්පත් කර ඇති මුදල් රාජසන්තක කිරීමට ද දෙපාර්ශවය අධිකරණය හමුවේ එකඟ වී තිබේ. තවද ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ද පැමිණිලිකාර පාර්ශ්වය සතු වන බව සමථ කොන්දේසිවල සඳහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...