දේශීය පුවත්

ඩෙංගු සහ කොවිඩ් යන රෝග දෙකම එකවර වැළඳුණු රෝගීන්ද මේ වනවිට හමුවී ඇතැයි කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පැවසීය. එවැනි රෝගීන් තමා යටතේ ද ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍යවරයා සඳහන් කළේය.

වර්තමානයේදී කොවිඩ් රෝගීන්ට වඩා ඩෙංගු රෝගීන් දක්නට ලැබෙන බව කී වෙද්‍යවරයා උණ රෝගී තත්වයක් ඇත්නම් වෛද්‍යවරයකු හමුවීම වැදගත් බව ද කීවේය.

විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොවිඩ් බූස්ටර් මාත්‍රාවේ සංකූලතා ලෙස ද මාංශ පේශි රිදීම, උණ ගතිය, හිසරදය ආදියට ඇතිවිය හැකි නමුත් තද උණක් හා මාංශ පේශි
වේදනාවක් ඇත්නම් එය ඩෙංගු විය හැකි බව කී වෛද්‍යවරයා බූස්ටර් මාත්‍රාවේ සංකූලතා බව සිතමින් ප්‍රතිකාර ලබා නොසිටි ඩෙංගු රෝගීන් අසාධ්‍ය තත්වයට පත්වීමේ සිද්ධි කිහිපයක්ම වාර්තා වූ බව ද පැවසීය.

එබැවින් වෛද්‍යවරයකු වෙත ගොස් තමන්ට ඇත්තේ කොවිඩ්ද, ඩෙංගු ද බූස්ටර් මාත්‍රාවේ සංකුලතාවක්ද යන්න සැකහැර දැනගැනීම සුදුසු බව කී වෛද්‍යවරයා ගඳ සුවඳ නොදැනීම සහ රස නොදැනීම ආදිය හැර කොවිච් හා ඩෙංගු රෝග ලක්‍ෂණ සියල්ල එක සමාන බව ද ප්‍රකාශ කළේය. මේ වන විට කොවිඩ් රෝගීන්ගේ යම් අඩුවක් ඇතත් පළමු සහ දෙවැනි රැලි අවසානයේදී පැවතියේ මෙවන්
තත්වයක් බැවින් ජනතාව තවදුරටත් ආරක්‍ෂවීම ඉතා වැදගත් බවද වෛද්‍යවරයා කීවේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මෙහිදී පැවසුවේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් ඔමික්‍රොන් රෝගීන් තවත් 42 දෙනකු හඳුනාගෙන ඇත්තේ ඒ සාම්පල් 179කින් බවත්, පරික්ෂණ අතරින් සියයට 23ක් ඔමික්‍රෝන් ආසාදිතයන් බවත්ය. ඒ අනුව මෙරට ආසාදිතයන්ගෙන් සියයට 12ක් ඔමිකෝන් ආසාදිතයන් විය හැකි බවත් ඔමික්‍රොන් ක්‍රමයෙන් සමාජයේ පැතිර යමින් ඇති බවත් හෙතෙම පැවසීය.
එබැවින් බූස්ටර් මාත්‍රාව ඉතා වැදගත් බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More