දේශීය පුවත්

ප්‍රධාන රාජ්‍ය ආයතනයන්හි සභාපති තනතුරු වෙනස් කිරීමට 2022 ආරම්භයේ රජය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි වාර්තා කරයි.

ඒ අනුව ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සොනාල් ගුණවර්ධන මහතා පත් කෙරෙයි.

ඔහු දැනට ජාතික පුස්තකාල හා ප්‍රවර්ධන සේවා මණ්ඩලයේ සභාපතිවරයාය. ලේක්හවුස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා පත්කිරීමට යෝජනා කර තිබේ. ඔහු දැනට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාය. ස්වාධීන රූපවාහිනී සේවයේ නව සභාපතිවරයා ලෙස මාතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත් කෙරේ. ඔහු කලකට පෙර ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යවේදියෙක් ලෙසද සේවය කළ අතර පසුගිය මැතිවරණයේදී මනාප මදිවී මන්ත්‍රී අසුනක් නොලැබ ගියේය.

සැලසිනේ ආයතනයේ නව සභාපති ධුරයට හරිත් ගුණවර්ධන මහතා පත්කෙරෙනු ඇතැයි සඳහන් වේ. ඔහු දැනට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකි.

ජනාධිපති විසින් මෙම නව පත්වීම් අනුමත කර ඇති අතර ඉදිරි සතියේ සිට මෙම පත්වීම් ක්‍රියාත්මක වීමට නියමිත බවද රජයේ ආරංචි මාර්ග වාර්තා කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More