පුරවැසි කොලම

පාස්කු ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලංකාව සිය ප‍්‍රතිත‍්‍රස්ත කි‍්‍රයා මාර්ගයන් ව්‍යාප්ත කිරීමට කි‍්‍රයාකර ඇතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත‍්‍රස්තවාදය සඳහා වූ අලූත්ම වාර්තාව හෙළිකර ඇත.

ඒ සඳහා ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ වේග යාත‍්‍රා බෝට්ටු කණ්ඩායම සහ අධිවේගී ප‍්‍රහාරක බෝට්ටු බලකාය සමඟ නිරතුරුවම එක්ව කි‍්‍රයාකරන බවද එම වාර්තාවේ තවදුරටත් දක්වා තිබේ. මේ සඳහා ඇමරිකාව පමණක් නොව යුරෝපා සංගමය – බි‍්‍රතාන්‍යය ඔස්ටේ‍්‍රලියාව – ජපානය සහ ඉන්දියාවද ශ‍්‍රී ලංකාවට සහය දැක්වීමට ප‍්‍රතිඥා දී ඇත. එසේම මහජන චීනය – රුසියාව සහ පාකිස්තානයද ප‍්‍රතිත‍්‍රස්ත මෙහෙයුම් සඳහා එකඟ වී තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තවදුරටත් දක්වා ඇත්තේ 2019 වසරට වඩා 2020 වසර තුළ ත‍්‍රස්ත ප‍්‍රහාර සංඛ්‍යාව සියයට 10කින් වැඩිවී ඇති බවයි.

ශ‍්‍රී ලංකාව තුළ සිදුවූ ප‍්‍රහාර සම්බන්ධ ත‍්‍රස්ත මර්දන පනත යටතේ 100කට අධික පිරිසක් අත්අඩංගුවේ පසුවන අතර ඉන් 22ක් පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ නැතැයි මානව හිමිකම් සංවිධාන කියාසිටින බවද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවෙන් හෙළිකර ඇත. මෙලෙස ශ‍්‍රී ලංකාවට ප‍්‍රහාර එල්ල වී ඇත්තේ ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් බවට හඳුනාගෙන ඇතැයිද එම වාර්තාවදක්වා තිබේ.

මෙලෙස රටවල් 34ක් ප‍්‍රතිත‍්‍රස්ත මෙහෙයුම් සඳහා ශ‍්‍රී ලංකාවට සහය දීමට ඉදිරිපත්වී සිටියදී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් හත්දෙනෙක් ශ‍්‍රී ලංකා රජය වෙත සංදේශයක් එවමින් ඉදිරියේදී ගනු ලබන ප‍්‍රතිත‍්‍රස්ත කි‍්‍රයා කුමක්දැයි දන්වන ලෙස ඉල්ලා ඇත.

උතුරේ සීසීටීවී පද්ධතිවලට තමිල්ණාඩු සබඳතා…විදේශ රටවල් 10ක් සමග එක්වීමේ රහස හෙළිවෙයි

මෙම ප‍්‍රතිත‍්‍රස්ත කි‍්‍රයා මර්දන සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර එම රහස් තොරතුරු විදේශිකයන්ට හෙළිකළ යුතුද?

මෙයට පෙර මෙරට මෙවන් දෙයක් සිදුවී නැත. මේ එක්සත් ජාතීන්ගේ දූතයන් ලවා එම ඉල්ලීම කිරීමේ පසුබිමේ සිටින්නේ මෙරට ඩොලර් අරමුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරි කණ්ඩායමකි.

කොරෝනා වසංගතයට මුවාවී ත‍්‍රස්ත මර්දන පනත අහෝසිකර ගැනීම සඳහා මෙම රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් පිරිස දැරූ උත්සාහය ජනපති ගෝඨාභය රාජපක්‍ෂ නිසා ව්‍යාර්ථ විය. පියෝනුලා අම්ලාන් – ලූසියානෝ ගාසන් අයිරිනි කාන් – ක්ලෙමන්ට් වඩුමේන් ෆර්නැන්ඩි ටෙරස් – අහමද් ෂහිද් සහ නිල්ස් මෙයිසර් යන දූතයන් එම ඉල්ලීම කර තිබුණි. මේ අතර චීන තානාපති කුයි සොන්හොන් මහජන චීන හමුදාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු සමඟ උතුරේ සංචාරයක යෙදීම පිළිබඳව ඉන්දීය රෝ බුද්ධි සේවාවේ දැඩි නිරීක්‍ෂණයට ලක්විය.

ඩෙල්ෆ් – නයිනතිවු සහ නින්දතිවු දූපත්වල සුළං ජනක ව්‍යාපෘති ඉදිකිරීමේ ටෙන්ඩරය චීනයට හිමිවූවත් ඉන්දියාව ඊට දැඩි විරෝධය පෑවේ ආරක්‍ෂක හේතූන් මතය. එසේම යාපනය නගරයේ සිට කිලෝමීටර් 20ක් ඈතින් චයිනා කමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගමේ කාර්යාලයක් චාවාකච්චේරි නගරයේ පිහිටා තිබීම ගැනද ඉන්දීය රෝ කි‍්‍රයාකාරීන් අවධානය යොමුකර තිබේ.

උතුරේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ රෝ සංවිධානය උතුරේ ස්ථාපිතව සිටින බවයි. පසුගියදා උතුරේ සංචාරයක යෙදුනු ස්වීඩනයේ වෙසෙන ද්‍රවිඩයෙක් උතුරේ සී.සී.ටී.වී පද්ධතිය විශාල ලෙස ස්ථාපිතව තිබීම ගැන විස්මයට පත්විය. ඔහු මේ ගැන විමර්ශනය කිරීමේදී රහස් හෙළිවිය.

‘‘මේ සීසීටීවී පද්ධති තමිල්නාඩු විද්‍යුත් සබඳතා මත බි‍්‍රතාන්‍ය, නෝර්වේ, ස්වීඩනය ස්විට්සර්ලන්තය, ප‍්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඇමරිකාව සහ ඔස්ටේ‍්‍රලියාව යන රටවල් සමඟ සබඳතා පවත්වනවා. මේ සම්බන්ධතාවයට (ලින්ක්) නිසා උතුරේ සිදුවන ඕනෑම සිද්ධියක් එකී රටවල්වල සිටින කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන්ට බලාගත හැකියි. එහෙත් අපේ බුද්ධි අංශ මේ ගැන අවධානය යොමු කර නැත. උතුරේ කොටි හිතවාදී මාධ්‍ය මේ අන්තර්ජාල විදේශ සම්බන්ධතාවයට එක්වී සිටිනවා. ආරක්‍ෂක අංශවල ඕනෑම කි‍්‍රයාමාර්ගයක් මේ විදේශ සම්බන්ධතාවය නිසා එම රටවල සිටින අයට දැකගැනීමට හැකි වෙනවා යැයි හෙතෙම පළකළේය.

මෙම විදේශ රටවලට තොරතුරු යැවීමේ කි‍්‍රයාමාර්ගයට මසකට රුපියල් 5000ක මුදලක් අයකෙරෙන බවද හෙළිවී ඇත.

එසේම අධිතාක්‍ෂණ සම්පේ‍්‍රෂණ උපාංග පවා උතුරේ පාර්ශ්ව සතුව ඇතැයි හෙළිවී තිබේ. උතුරේ ස්ථාපිත ඇතැම් සීසීටීවී පද්ධති තමිල්නාඩුවේ සීසීටීවී පද්ධති සමඟද සම්බන්ධ බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ. මෙලෙස උතුරේ සිට කි‍්‍රයාත්මක වන වීඩියෝ සම්බන්ධතාවය ගැන මෙරට බලධාරීන් මේ දක්වාම විමර්ශනය කර නොමැත. මේ වීඩියෝ සබඳතා ගැන තහවුරු වූයේ චීන තානාපති සෙන් හොන්සොන්ගේ යාපනය සංචාරය මොහොතක් තුළ තමිල්නාඩුවේ රූපවාහිනි සේවාවන් විසින් විකාශනය කිරීමයි.

ඉන්දීය සහ ඇමරිකානු කොන්සල් කාර්යාල 2ක් යාපනයේ ඇති අතර චීන තානාපති සමඟ හමුදා නිලධාරියකු උතුරට ගියේ කුමකටද යන්න ගැන චීන තානාපති බලධාරීන් හෙළිකර නැත. චීනය උතුරේ සංවර්ධන ව්‍යාපෘති සහ මාර්ග ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක කිරීමෙන් තම ආගමනය උතුරට යොමුකර තිබීමද ඉන්දියාවේ නිරීක්‍ෂණයට ලක්වී තිබේ. මේ පසුබිම මැද චීන තානාපතිවරයා පැවසුවේ ඉදිරියේදී චීනය සහ යාපනය අතර සම්බන්ධතා ගැන අවධානය යොමුකරන බවයි. එහෙත් උතුරේ කොටි හිතවාදී ද්‍රවිඩ දේශපාලකයන් චීන තානාපතිගේ උතුරු සංචාරය ගැන දැඩි විරෝධය දක්වා ඇත.

උතුරේ සීසීටීවී පද්ධතිවලට තමිල්ණාඩු සබඳතා…විදේශ රටවල් 10ක් සමග එක්වීමේ රහස හෙළිවෙයි

ද්‍රවිඩ සන්ධානයේ සිවන්දරම් ශ‍්‍රීධරන් චීන තානාපතිගේ උතුරු ආගමනයට එරෙහි වෙමින් එම සංචාරය ඉන්දියාවට එරෙහිව ශ‍්‍රී ලංකා රජය දියත් කළ මෙහෙයුමක් බව පවසා ඇත. ද්‍රවිඩ ජනතාවගේ ස්වයංපාලනය ව්‍යර්ථ කිරීම සඳහා චීනය ලවා උතුරේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම රජයේ අරමුණ බවද ශ‍්‍රීධරන් දක්වා තිබේ.

කොටි හිතවාදීන් විසින් පිහිටුවාගෙන ඇති ඩිමොක‍්‍රටික් පක්‍ෂයේ ලේකම් කදිර් නැමැත්තාද ප‍්‍රකාශයක් කරමින් චීන තානාපතිගේ උතුරු සංචාරයේ අරමුණ ගැන ද්‍රවිඩ පක්‍ෂවල මතය දැනගැනීමට ජනතාවට අවශ්‍ය බව සඳහන් කර තිබේ. ද්‍රවිඩ ජනතා පක්‍ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ද චීන තානාපතිගේ උතුරු සංචාරයට එරෙහිවී ඇත. මේ අතර ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන පොලිස්පතිවරයා සිය නිලධාරීන් වෙත යවන චක‍්‍රලේඛ පවා එක්සත්ජාතීන්ගේ නිලධාරීන් වෙත යැවීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකිරීමට අදාළව එම චක‍්‍රලේඛ නිකුත්වී තිබුණි. එම අලූත්ම චක‍්‍ර ලේඛනයේ මෙලෙස දක්වා ඇත.

‘‘යම් පුද්ගලයකුගේ ජංගම දුරකථනයක් තුළ තහනම් සංවිධානයකට අයත් අයකුගේ හෝ පුද්ගලයකුගේ ඡායාරූපයක් හෝ සංවිධානයක ලාංඡනයක් සහිත දර්ශනයක් හෝ තහනම් සංවිධානය ප‍්‍රචාරය කරන ලේඛනයක් ඇත්නම් ත‍්‍රස්ත පනත යටතේ ඔහු අත්අඩංගුවට ගන්නේ නම් පහත දැක්වෙන කරුණු කෙරේ සැලකිල්ලක් දැක්විය යුතුයි.

  1. එම තැනැත්තා චේතානාන්විතව එම ත‍්‍රස්ත සංවිධානය ප‍්‍රචාරය කිරීම හෝ වෙනත්හේතුවකට එය සිය සන්තකයේ තබාගෙන සිටීද
  2. එසේ නොමැතිනම් එවන් චේතනාවකින් තොරව එම ඡායාරූපය වෙනත් අයෙක් සිය ජංගම දුරකථනයට එවීම නිසා පමණක් එය ළඟ තබාගෙන සිටින්නේද?
  3. එම ඡායාරූපය එකී තැනැත්තා නොදැනුවත්ව වෙනත් අයෙක් විසින් ජංගම දුරකථනයට එවා තිබේද?

මේ අනුව පොලිස්පතිවරයා මින් ඉදිරියට ත‍්‍රස්ත පනත අනුව යම් අයකුට එරෙහිව කි‍්‍රයා කිරීමේදී යම් අයෙක් අත්අඩංගුවට ගැනීමට පෙර ත‍්‍රස්ත මර්දන අධ්‍යක්‍ෂ වෙතින් විමසිය යුතු බවද සඳහන් කර ඇත.

පොලිස්පතිවරයාගේ මෙම නියෝගයට හේතුවී ඇත්තේ මෙරට පොලිසිය වෙනත් අපරාධකාරි කි‍්‍රයා සඳහා ත‍්‍රස්ත මර්දන පනත භාවිත කරන බවට ජාත්‍යන්තර ප‍්‍රජාවට පැමිණිලි ලැබීමයි. එහෙත් ශ‍්‍රී ලංකා රජය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව ගන්නා තීරණ විදේශ දූතයන් වෙත හෙළිකිරීම යනු ඔවුන්ට හිස නැමීමකි. ස්විස් සහ නවසීලන්තය ත‍්‍රස්ත මර්දන පනත් දෙකක් සම්මත කළත් එම පනත් පාර්ලිමේන්තුව සහ ජනතාව හමුවේ සම්මත වීමට පෙර ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ හෝ එක්සත් ජාතීන්ගේ විශේෂ දූතයන් වෙත යැවීමට කි‍්‍රයාකළේ නැත.

එහෙත් මින් ඉදිරියට ත‍්‍රස්ත පනත යටතේ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු අත්අඩංගුවට ගතහැකිද සහ විශේෂයෙන් ඔහු සිදුකළ කි‍්‍රයාවේ ප‍්‍රබලත්වය මෙන් මානසික අංශය කෙරේද විමර්ශනය කළ යුතුවේ. මෙලෙස පොලිස්පතිවරයා ත‍්‍රස්ත මර්දන පනතට අදාළ සැකකරුවන්ගේ මානසික අංශය සැලකිල්ලට ගත යුතු යයි පොලිසියට නියෝග කිරීමට මුල්වූයේ එම පනත අහෝසි කරලීමට 33කගෙන් යුත් රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්, ඇමරිකානු රජය, ද්‍රවිඩ සන්ධානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ආයතන එම පනත අහෝසිකර ගැනීමට උත්සාහ කිරීමයි.

ත‍්‍රස්තවාදීන් ත‍්‍රස්ත කි‍්‍රයා සිදුකරන්නේ ඔවුන්ගේ විකෘති මානසිකත්වයෙනි. එවැනි විටක අන්තවාදී ත‍්‍රස්තයන්ගේ මානසිකත්වය විමර්ශනය කිරීමට පොලිසිය කි‍්‍රයාකළ යුතුද?

උතුරේ සීසීටීවී පද්ධතිවලට තමිල්ණාඩු සබඳතා…විදේශ රටවල් 10ක් සමග එක්වීමේ රහස හෙළිවෙයි

ස්විස් නව ත‍්‍රස්ත මර්දන පනත යටතේ පොලිසියට පුළුල් බලතල හිමිවී ඇත. මේ ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පැවසුවේ එම නීතිරීති ඉතාමත් අනතුරුදායක බවයි. එහෙත් ස්විස් රජය එම පොලිස් බලතල ඉවත් කිරීමට මේ දක්වා කි‍්‍රයාකර නැත.

එසේ නම් ශ‍්‍රී ලංකාවේ රජය ත‍්‍රස්ත මර්දන පණතේ බලතල අහෝසි කළ යුතුද? මේ අතර ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ සිටින සංඛ්‍යාව 90ක් පමණ වේ. හිටපු කොටි ත‍්‍රස්තයන් සහ මෑතකදී අත්අඩංගුවට ගත් ත‍්‍රස්ත කි‍්‍රයාවලට සම්බන්ධ වූවන්ද ඒ අතර වේ. මේ පසුබිම මැද වත්මන් රජයද ඩොලර් අරමුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන ජාලයට යටවී තිබේද යන බරපතළ ප‍්‍රශ්නය දේශපේ‍්‍රමි ජනතා සංවිධාන හමුවේ මතුවී ඇත.

මෙම රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ ලේඛනය සහ එකී කි‍්‍රයාකාරීන් ගැන රාජ්‍ය බුද්ධි අංශවලටද තොරතුරු ලැබී තිබේ. බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසුවේ මෙම සංවිධාන රජයේ දේශපාලකයන් දෙදෙනකු සමඟ දැඩි සබඳකම් පවත්වන අතර ඔවුන් ලවා නව රාජ්‍ය නොවන සංවිධාන පනත අහෝසි කරගැනීමට උත්සාහ කරන බවයි. එම පනත කෙටුම්පත් කර අවසාන වී ඇති අතර එහි ඇති විශේෂතම කරුණ නම් මෙම සංවිධානවලට ලැබෙන මුදල් අනාවරණය කිරීම සහ එම මුදල් වැයකරන ව්‍යාපෘති අනිවාර්යයෙන්ම හෙළිකළ යුතුවීමයි.

එම පනත අහෝසි කරගැනීමට මේ එන් ජී ඕ කල්ලිය ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සමඟ සාකච්ඡා කළත් කෙටුම්පත අහෝසි කරගැනීමට නොහැකිවිය. මෙවන් තත්ත්වයක් මත ග්ලෝබල් කැනඩා සංවිධානය මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ඩොලර් 35500 බැගින් ලබාදීමට තීරණය කර ඇත. ඒ සඳහා ඉල්ලූම්පත් කැඳවා තිබේ. ග‍්‍රාමීය ජනතාවගේ ආරක්‍ෂාව උදෙසා මෙම අරමුදල් සපයන බව එකී ග්ලෝබල් කැනඩා සංවිධානය හෙළිකර ඇත. මේ අතර චීන තානාපතිවරයා ආදම්ගේ පාලම වෙතද ගොස් මෙය අවසානය මෙන්ම ආරම්භය යයිද පවසා තිබේ. සැතපුම් 30ක් දුර ආදම්ගේ පාලම මන්නාරම් බොක්කෙන් සහ පෝක්සමුද්‍ර සන්ධියෙන් වෙන්වේ. යාපනයේ පිහිටි ඇමරිකන් කෝනර් සහ ඉන්දිය කොන්සල් කාර්යාලයේ අවධානය යොමුවූ චීන තානාපති සංචාරය සඳහා ශ‍්‍රී ලංකා නාවික හමුදාව සහ යුද හමුදාව විසින් ආරක්‍ෂාව සපයා තිබුණි.

මේ අතර ඇමරිකානු බයිඩන් පාලනය බංග්ලාදේශය සහ ශ‍්‍රී ලංකාව යන රටවල් චීනය සමඟ සබඳතා පැවැත්වීම ගැන නොසතුට පළකර ඇත. බංග්ලාදේශයේ ක්‍ෂණික විහිදුම් බළකායේ ප‍්‍රධාන බෙනිසිර් අහ්මද් සහ ශ‍්‍රී ලංකාවේ නාවික හමුදාවේ හිටපු නිලධාරි ප‍්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි සහ හිටපු හමුදා නිලධාරි සුනිල් රත්නායකට තහනම් පැනවීමද චීන විරෝදතාවලට හේතුවී තිබේ. ඇමරිකානු රැන්ට් කෝපරේෂන්හි ආරක්‍ෂක විශ්ලේෂක ඩොරෙක් ක්‍රොක්ටන් මෙය සනාථ කර තිබේ. එසේම මෙරට රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් ඉදිරිපත් කළ තොරතුරු මතද බයිඩන් පාලනය ඉහත කී ආරක්‍ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව තහනම පනවා ඇත. මේ අතර ප‍්‍රති ත‍්‍රස්ත කි‍්‍රයා මර්දනය කිරීමේ මෙහෙයුම් සඳහා යූඑන් ඕඞීසී වැඩපිළිවෙළ යටතේ රටවල් 4ක්ද ශ‍්‍රී ලංකාවට සහය වීමට ඉදිරිපත් වී ඇත.

එසේම පාස්කු ප‍්‍රහාරයට අදාළව ඇමරිකානු එෆ් බී අයි පොලිසිය සමඟ සහයෝගිව කටයුතු කිරීමට ද රජය එකඟ වී තිබේ.

එහෙත් පාස්කු ප‍්‍රහාරය පසුබිමේ සිටින පාර්ශ්ව කවුදැයි එෆ් බී අයි පොලිසිය මෙතෙක් හෙළිකර නැත. එෆ් බී අයි සහ ඔස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසිය වෙත රහස් පොලිසිය ලබාදුන් සහරාන්ගේ ජංගම දුරකථනවල ඇති මදර්බෝඞ්වලින් හෙළිවූ තොරතුරුද මෙරටට එවා නැත. මෙම පසුබිම මැද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජගත් අපරාධ පිළිබඳ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ මයිකල් කොසැක් ශ‍්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කරමින් මෙරට සිදුවී ඇති බරපතළ අපරාධ ගැන නිසි පියවර ගතයුතු බව ප‍්‍රකාශ කර ඇත.

උතුරේ සීසීටීවී පද්ධතිවලට තමිල්ණාඩු සබඳතා…විදේශ රටවල් 10ක් සමග එක්වීමේ රහස හෙළිවෙයි

ඇමරිකාවේ සිටින ශ‍්‍රී ලංකා තානාපති හමුවූ කොසැක් මේ බව පවසා තිබේ. ඊට පෙර ඔහු ද්‍රවිඩ සන්ධානයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහෙත් ඇමරිකාව සිදුකළ අපරාධ ගැන කි‍්‍රයාකිරීම වළක්වා ඇත්තේ මන්දැයි මයිකල් කොසැක්ගෙන් විමසීමට කිසිවෙක් කි‍්‍රයාකර නැත. මේ අතර තිරුක්කෝවිල් පොලිසිය තුළ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පොලිස් නිලධාරීන් සිව්දෙනාගේ ලේ වැගිරුන සිරුරු විදේශ ගතකිරීමට කොටි හිතවාදී ඡායාරූප ශිල්පියෙක් කි‍්‍රයාකර ඇත. මෙය දීන කි‍්‍රයාදාමයකි. එම පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප ගෙන ඇත්තේ රෝහලේදී බව හෙළිවී ඇත. මේ අතර ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම මත පසුගිය යහපාලන රජය උතුරු නැගෙනහිර යුද හමුදා කඳවුරු වෙනත් ස්ථානවලට ගෙනයාම සඳහා රුපියල් කෝටි 10ක මහජන මුදලක් වැයකර ඇත.

එසේම 2018 දී ඇමරිකාව මෙරටට වෙරලාරක්‍ෂක යාත‍්‍රාවක් නොමිලේ පරිත්‍යාග කළ බවට ප‍්‍රචාරය වුවත් එය මෙරටට ගෙනඒම සඳහා අදාළ අනිකුත් කටයුතු සඳහා රුපියල් 2,165,500,000ක මුදලක් වැයවී ඇතැයි අනාවරණය වී තිබේ.

ලන්ඩන් නුවර කොටි ඩයස්පෝරාවට එරෙහිව සටන් වදින බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයාද මාර්තු 23 වැනිදා මෙරටට පැමිණේ.

මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ ශ‍්‍රී ලාංකිකයන්ට විදේශිකයන් සමඟ විවාහ වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහතිකය අවශ්‍ය බවට නව නියෝගයක් ප‍්‍රකාශයට පත්විය.

එලෙස විවාහ වීමට අපේක්‍ෂා කරන විදේශිකයා තම වත්කම් හෙළිකළ යුතුවේ. මෙයට හේතුවී ඇත්තේ විදේශ ඔත්තුකරුවන් ශ‍්‍රී ලාංකික කාන්තාවන් විවාහ කරගෙන මෙරට ආරක්‍ෂක සහ දේශපාලන කටයුතුවල නිරතවන බව බුද්ධි අංශවලට වර්තාවීමයි.

මේ අතර වන්නි මෙහෙයුමේ අවසාන සතියේ මෙහෙයුම් භාරව ක‍්‍රියා කළ මේජර් ජෙනරාල් උදය පෙරේරාට ඇමෙරිකානු රජය විදේශ ගමන් තහනමක් පනවා ඇත. ඔහු සහ පවුලේ අය පසුගිය 5 වැනිදා සිංගප්පූරුව හරහා ලොස්එන්ජලීස් නුවර වෙත යෑමට සිංගප්පූර් ගුවන් සේවා යානයකට ගොඩ වීමට යන අවස්ථාවේ ඇමෙරිකානු රජය මෙම තහනම සිංගප්පූර් ගුවන් සේවාවට දන්වා තිබුණි. මේජර් ජෙනරාල් උදය පෙරේරාට මෙම තහනම පැනවීමට පෙර යුද අපරාධ පිළිබඳ ඇමෙරිකානු තානාපති මිචෙල් කොසෙක් චෝදනා එල්ල වුවන්ට නිසි පියවර ගන්නා බවට අනතුරු අගවා තිබිණි.

ඊට පෙර මෙරට හිටපු මානව හිමිකම් කොමසාරිස් වරිය වූ අම්බිකා සකුනානාදන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුවේ ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරින්ට එරෙහිව සාක්‍ෂි දී තිබුණි. මේ වනවිට ඇමෙරිකාව ආරක්‍ෂක හමුදා නිලධාරීන් සිව්දෙනකුට තහනම් පනවා ඇත. තහනම් පැනවීමේ ලැයිස්තුවේ තවත් හමුදා නිලධාරීන් 27 ක් සිටින බවද හෙළි වී ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More