රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩු කාලයේ දී ඉන්දියන් තෙල් සමාගමට තෙල් ටැංකි ලබා දුන්නේ බදු ගිවිසුමක් මගින්. නමුත් සමහරු කියනවා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළත් එහෙම බදු ගිවිසුමක් නොමැති බව 2004 සහ 2005 යන වසරවලදී තෙල් සංස්ථාව භාර ඇමැතිවරයා ලෙස කටයුතු කළේ මම. එම අවස්ථාවේදී මම ඒ පිළිබඳව ඒ වනවිට නීතිපතිවරයා ලෙස කටයුතු කළ කමල සබේසන් ගෙන් මතය විමසුවා. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩු කාලයේ දී අයි. ඕ. සී. එකක් සමඟ ගිවිසුම අත්සන් කරලා තිබෙන්නේ භාණ්ඩාගාර ලේකම් ලෙස කටයුතු කළ චරිත රත්වත්තේ විසින් තමයි. කමල සබේසන් නීතිපතිවරයාගෙන් කළ මත විමසීමට ප‍්‍රතිචාර දක්වමින් ඒ මහතා ප‍්‍රකාශ කර තිබුණේ චරිත රත්වත්තේ විසින් අත්සන් කරන ලද ගිවිසුම වලංගු ගිවිසුමක් නොවන බව තමයි.
ඒ පිළිබඳව හේතු දක්වමින් නීතිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණේ තෙල් සංස්ථාවට තෙල් ටැංකිවල භුක්තිය තිබුණත් භූමියේ අයිතිය තිබෙන්නේ රජයට බවයි. භුක්ති කරුවකුට බදු ගිවිසුමක් අත්සන් කළ නොහැකි බව තමයි නීතිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණේ.
ඒ අවස්ථාවේදී තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති කිහිපයක්ම අධිකරණය හමුවේ නඩු පැවරුවා. එම නීතිමය තත්ත්වය තුළ වලංගු ගිවිසුමක් නොමැත යන පදනම මත මගේ කාලයේදී තෙල් ටැංකි එකක්වත් කාටවත් දුන්නේ නැහැ.
මේ බව පවසා සිටියේ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයකු මෙන්ම වත්මන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාවන සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා සති අන්ත පුවත් පතකට සම්මුක සාකච්ඡාවක් ලබා දිමනි.
ඒ මහතා යෝජිත සමාගම පිළිබඳ අදහස් පහත පරිදි වේ.
මේ තෙල් ටැංකි ඉන්දියාවට අයිති නෑ… අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...