දේශීය පුවත්

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ දෙසැම්බර් මස උද්ධමනය සියයට 12.1 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

පසුගිය නොවැම්බර් මස පැවැති උද්ධමනය සියයට 9.9 ක් විය.

මේ උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන භාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල සිදුවූ මාසික මිල ඉහළ යෑම් හේතුවී ඇත. මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 17.5 සිට සියයට 22.1 දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 6.4 සිට සියයට 7.5 දක්වා ද ඉකුත් දෙසැම්බර් මාසයේදී වැඩි වී ඇත. මේ අනුව දෙසැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ ඇති එළවළු වර්ග, මාළු සහ අමුමිරිස් මිල ගණන් සැලකිය යුතු ඉහළ ගොස් තිබේ.

එසේම ආහාර නොවන කාණ්ඩය තුළ ඇති ආපනශාලා හා හෝටල්, පෙට‍්‍රල්, ඞීසල්, කුලී රථ සහ ති‍්‍රරෝද ගාස්තු මෙන්ම මත්පැන් හා දුම්වැටි යන අයිතමයන්ගේ මිල ගණන්ද දෙසැම්බර් මාසය තුළ වැඩිවී ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මස පැවැති 150.7 සිට දෙසැම්බර් මාසයේදී 154.7 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More