ගෑස් පිපිරීම් සිදුවෙනවා. ලිට්‍රෝ සභාපතිතුමා මාධ්‍ය වෙත ඇවිල්ල බයිල ගහනවා. බයිල ගහන්න දෙයක් නැහැ. ප‍්‍රශ්නෙ විසඳන්න බැරිනම් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න’ යැයි ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා ප‍්‍රකාශ කළේය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (01 දා* මීගමුව ප‍්‍රදේශයේ පැවැති උත්සව අවස්ථාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
ගෑස් ගැටලූව උග‍්‍රවෙලා. ගෑස් නැහැ වගේම මිනිස්සු පෝලීම්වල ඉන්නවා. මිනිස්සු රස්තියාදු වෙනවා. රස්තියාදු වෙලා ගෑස් අරන් ගියාම පුපුරණවා. ලිට්‍රෝ සභාපතිතුමා ප‍්‍රශ්න විසඳන්නෙ නැතිව, මාධ්‍ය වෙත ඇවිල්ලා බයිල
ගහනවා. බයිල ගහන්න දෙයක් නැහැ. ගෑස් ටික නියමිත විදියට සපයන්න ඕන. ඒ වගේම සපයන ගෑස් ප‍්‍රමිතියෙන් යුක්ත වෙන්නත් ඕන.
එහෙම නැත්නම් තනතුර දාලා යන්න ඕන. හිනා වෙලා මාධ්‍ය සාකච්ඡුා තියලා ප‍්‍රශ්නය විසඳන්න බැහැ. මිනිස්සු ගෙවල්වල ගිනි අරගෙන තියෙනවා. ප‍්‍රශ්නය විසඳන්න බැරිනම් මෙයාව ගෙදර යවන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...