දේශීය පුවත්

වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය සඳහා ග‍්‍රැන්ටි සහ ට‍්‍රාන්සර් දොඹකර 30 ක් ගැනීමේදී ඇමරිකන් ඩොලර් මිලියන 50 ක (රුපියල් කෝටි 1000 ක් පමණ) අතයට ගනුදෙනුවක් සිදුවන බවට සැකයක් මතුව ඇතැයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා පැවැසීය.

නැගෙනහිර පර්යන්තය සඳහා ග‍්‍රැන්ටි දොඹකර 6 ක් සහ ට‍්‍රාන්සර් දොඹකර 34 ක් ඇමරිකානු ඩොලර් මිලියන 250 කට චීන සමාගමකින් මිලදී ගැනීමට නියමිත බවද ඔහු කීය.

දොඹකර මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ණයවර ලිපි නිකුත් කර ඇතත් දොඹකර මෙරටට ලැබෙන්නේ 2024 වර්ෂයේ බැවින් දැන්ම ඩොලර් මිලියන 50 ක් ලබාදීමට උත්සහ කරන්නේ කුමන අරමුණකින්ද යන්න පැහැදිලි නැතැයිද ගොරකානගේ මහතා පැවැසීය.

පවතින ආර්ථික ප‍්‍රශ්න හමුවේ රාජ්‍ය බැංකුව සතුව වරාය අධිකාරියට අයත් ඩොලර් ගිණුමෙන් මෙම මුදල මුදාහැරීමට උත්සහ කරන බවත්, මෙය ඇතැම් විට 2024 වසරට හෝ ආණ්ඩුව වෙනස් වුවහොත් ඊට පෙර ඩොලර් මිලියන 50 ක මුදල අතයට ගනුදෙනුවක් ලෙස කිසියම් කණ්ඩායමක් වෙත ලබාගැනීමක්ද යන්න සැක බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More