දෙල්කඳ පොළෙන් එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ කරන්න බැරි දේවල් කරන්න ගොස් අද රටම අමාරුවේ වැටී ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,
“පොහොර නැති කළ පසු ගොවීන් ඵලදාව ගන්නේ කොහොමද?.අද ඇතිවී තිබෙන තත්වයට තීන්දු තීරණ ගත් අය වගකිව යුතුයි.හරි තීන්දු තීරණ ගන්න තිබුණ කාලය අවසන් වෙලා තියෙන්නේ. හරි තීන්දු ගන්න දැන් ගන්න සිදුවන්නේ වෙනත් පිරිසකට.මෙරටට සිදුවූ විදේශ ආක්‍රමණ අවස්ථාවලදීවත් මේ තරම් හානියක් කෘෂිකර්මයට සිදු වුනේ නැහැ.කරන්න බැරි අය ඉවත්වෙලා පුළුවන් අයට දැන් රට බාර දිය යුතුයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...