දේශීය පුවත්

ජනවාරි 18 පාර්ලිමේන්තුව යලි විවෘත කිරීමට පෙර කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදුකෙරෙනු ඇති බවත්, අමාත්‍යවරුන්ට තමන් යටතේ ඇති රාජ්‍ය ආයතනවලට සුදුසු සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල
පත්කර ගැනීමේ බලය පවරා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවත් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ ප්‍රබල ඇමැති ධුර හයක පමණ වෙනස්වීම් සිදු වනු ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ එම ඇමතිධූරවලද කිසියම් වෙනසක් සිදු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

මෙයට අමතරව කාර්ය සාධනය දුර්වල රජයේ ප්‍රධාන පෙළේ ආයතන අටක මුල් පුටුද ඉදිරියේදී වෙනස් කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇති බවත් ආණ්ඩුව නව වසරේ අලුත් ගමනක් ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස මෙම සංශෝධන සිදු කරන බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

නව වසරේ නව වෙනස්කම් සමග අලූත් ගමනක් ආරම්භ කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් ජනාධිපතිවරයාගෙන් පසුගිය සතියේදී ඉල්ලීමක් කර තිබිණ. මෙම කැබිනට් සංශෝධනය හා ඇමතිවරුන්ට යළි ව්‍යවස්ථානුකුල බලතල ලබාදීම එහි ප්‍රතිඵලයක් බව දැනගන්නට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More