වන්නි මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 26 දෙනකුට සම්බාධක පැනවීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඔවුන් අතර ප‍්‍රභාකරන්ට වෙඩි තැබූ හමුදා කණ්ඩායම මෙහෙයවූ මේජර් ජනරාල්වරයාද වෙයි.
හිටපු මානව හිමිකම් කොමසාරිස්වරියක, හිටපු මේජර් ජෙනරාල්වරයකු සහ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා ගොනුකළ සාක්‍ෂි මත මෙම තීරණය ගෙන ඇත. සම්බාධක පැනවීමේ ලැයිස්තුව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අනුමත කර තිබේ.
ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන්ට සම්බාධක පැනවීම සඳහා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැෂලේ මැන්ඬේට් බලය ප‍්‍රකාශයට පත්කර ඇත.
හමුදා නිලධාරීන්ගේ පවුල්වල අයට ද මෙම සම්බාධක පැනවෙනු ඇත. කොටි ත‍්‍රස්තවාදය පැරදවූ හමුදාවක ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට කි‍්‍රයාත්මක කරන සම්බාධක නිසා ඔවුන්ට යුරෝපා රටවලදී ද ඇමරිකාව, කැනඩාව සහ ඔස්ටේ‍්‍රලියාවේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...